Headlines

    sp

    අද ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව..

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Read More

    රජය කිසිවිටෙක වනාන්තර කපා දමන්න අනුබල දී නැහැ – ජනපති..

    ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, රජය කිසිවිටෙකත් වනාන්තර කපා දැමීමට අනුබල දී නොමැති බවයි. එහි දී මෙරට ගොවීන්ට පාරම්පරික ඉඩම් අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. කටු පොල් වගාව…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-19) – ඊයේ ආසාදිතයින් 313 යි මරණ 01 යි

    අද දින (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 313 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 11 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 302 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (18) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    දෙදින රාජ්‍යත්‍රාන්ත්‍රික නිල සංචාරයක් සඳහා අගමැති බංග්ලාදේශයට..

    බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනාවකට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්ව ගියේ අද (19) උදෑසනයි. ඒ අනුව UL 189 ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිස බංග්ලාදේශය බලා පිටත් වී ඇත. අග්‍රාමාත්‍යතුමා බංග්ලාදේශ රාජ්‍ය සංචාරය අරඹමින්, ඩකා අගනුවරට පැමිණි අතර  එරට අග්‍රාමාත්‍ය…

    Read More

    කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමි අයට රජයෙන් නිවේදනයක්..

    පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තම රැකියා කටයුතු වලට යාමේ අපහසුතා හා අදාල රැකියා ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන් හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ,…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-18) – ඊයේ ආසාදිතයින් 338 යි මරණ 03 යි

    අද දින (18) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 338 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 16 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 322 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (17) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ගෑස් මිල ඉහළ යයි ද ?..

    මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් එළඹෙන උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය. ඊයේ (17) අරලියගහ මන්දිරයේ පැවති වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳපොළ සම්බන්ධ සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. එහි දී  සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා…

    Read More

    ඩොලරයේ මිල 200 පනී..

    මහ බැංකු වාර්තා අනුව ඇමෙරිකානු ඩොලරයක විකුනුම් මිල ඊයේ (16) දින රුපියල් 200.06 ලෙස ඉහළ ගොස් තිබේ. එහි දී  ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 195.28 ලෙසය. ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ මෙම වසරේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 200 සීමාව ඉක්මා ගොස් ඇත්තේ ඊයේ (16) දිනයේ බවයි. 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලරයට…

    Read More

    ගාලු කොටුවෙන් හමු වූ පුරා වස්තු..

    ගාලු පුරවරයේ ප්‍රධාන සංධිස්ථානයක් වන ගාල්ල ඕලන්ද කොටුවේ ප්‍රධාන පිවිසුම ආශ්‍රිතව සිදු කරන ලද කැනීමකින් යුරෝපයේ පුනරුද යුගයට අයත් පිගන් භාණ්ඩවල නටබුන් රැසක් හමුවී ඇත. මෙම දුර්ලභ පිගන් භාණ්ඩ අවශේෂ එකල පැවති විදේශ සබඳතා පිළිබඳ වැදගත් දත්ත රැසක් ලබා ගත හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේය. මෙම…

    Read More

    ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනයට අදට වසර 25 යි..

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා මෙදා තුර ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට (17) වසර 25කි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනයක් ලෙස 1996 මාර්තු 17 දා හැඳින්විය හැකි වේ. එදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් එම ඉතිහාසගත ජයග්‍රහණයට අදට වසර 25ක් ගත වුවත් එහි…

    Read More