විස්සෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්නා තුරු සටන් කරනවා
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනතින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවක නිරත වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරු පැවසූහ. උන්වහන්සේලා එසේ පැවසුවේ ඊයේ (21 දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූවේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුණ ගත්තේ සංඝරත්නය බවත් සංඝරත්නයේ හ`ඩට ඇහුම්කන් නොදී කටයුතු කරනවා…