Headlines

    sp

    සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීම ගැන අධිකරණ තීන්දුවක්

    රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයකට පත් කෙරුණි. මෙම පෙත්සම් ඒ.එච්.එම්.ඩී.නවාස්, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද සලකා බැලුණි. අදාළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ…

    Read More

    චමරිගෙන් ශතකයක්

    ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට දඹුල්ලේ පැවැත්වෙයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීම සමත්විය. එම තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත්…

    Read More

    ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගැන කොළඹ මහාධිකරණය දුන් නියෝගය

    ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යැයි වසර හතරක සිරදඬුවමක් ලබාසිටින බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියම කළේය.  කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය. සිර දඬුවම් නියමවීමෙන් පසුව ඥානසාර හිමි ඊට එරෙහිව…

    Read More

    හිරුණිකා ට ඇප

    බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. ඒ අනුව රුපියල් 50,000ක මුදල් හා 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකාරිය මුදා හැරිණි. ඇප නියෝග ප්‍රකාශ කරමින් විනිසුරුවරයා…

    Read More

    බිත්තර ආනයනය ගැන අවසන් තීරණය අද

    බිත්තරයක් අද (22) සිට රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. ඉදිරියේ දී බිත්තර මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති ආර්.එම් සරත් රත්නායක මහතා පැවසුවේය. කෙසේවෙතත් බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේ දී යළි බිත්තර මෙරටට  ආනයනය කිරීමට රජය තීරණය කර බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය…

    Read More

    ගුරු – විදුහල්පතිවරු අකුරට වැඩ

    ගුරු-විදුහල්පතිවරු අද (22)  සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු සහ විදුහල්පති සංගම් පවසයි. ඒ අනුව අද සිට පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, තත්ත්ව කව මෙන් ම පුහුණු වැඩසටහන්වලට සහභාගී නොවන බව ඔවුන් පවසයි. ඉදිරි දෙසතිය තුළ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුවලට පමණක් සම්බන්ධ වන…

    Read More

    ජනාධිපතිවරණයට රනිල් – යෝජනාව ප්‍රසන්නගෙන්

    ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව අද (21) පස්වරුවේ පැවති  “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඉදිරිපත්කර තිබුණි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කළ බවයි. එම රැලියේ සිටි සියලුදෙනා දෑත්  ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත…

    Read More

    ශ්‍රී ලංකාවට එමින් තිබු නෞකාවක විශාල ගින්නක්

    කොළඹ වරාය බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නේ පැතිරයාම මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි. ගෝආ වෙරළ තීරයට නාවික සැතපුම් 102ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබියදී පසුගිය 19 වනදා අදාළ නෞකාවේ ගින්නක් හටගෙන තිබුණි. අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ඇතුළු කන්ටේනර් 1,154ක් රැගත් නෞකාවේ හටගත් ගින්නෙන් එහි කාර්යය…

    Read More

    ගාසා තීරයෙන් බය හිතෙන වෛරස් ප්‍රභේදයක් හමුවෙයි

    ඉතා වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී එම වෛරස ප්‍රභේදය හමුවී තිබුණි. මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ ඒ හේතුවෙන් පලස්තීනුවන් විශාල අවදානමකට මුහුණදී ඇති…

    Read More

    අසංක අබේගුණසේකර අත්අඩංගුවට

    ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අද (21) උදෑසන අමෙරිකාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව අසංක අබේගුණසේකර මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…

    Read More