Headlines

    sp

    ඉදිරියටත් රනිල්ට සහාය දෙන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

    රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව්…

    Read More

    ඉරානයේ 9වන ජනාධිපතිවරයා මසූඩ්

    ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්වී තිබේ. ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදය හිමිකරගත් සයිඩ් ජලීලි පරාජයට පත් කරමිනි. ඉරාන ජනාධිපතිවරණය 2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව පැවතියත් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවුණේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි මරණයත් සමගය. පසුගිය මැයි 28 වනදා ජනාධිපතිවරණය පැවතියත් එහිදී කිසිවෙකුටවත් සියයට 50 ඉක්මවූ…

    Read More

    ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඊයේ (06) උදෑසන ඔවුන් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය. පසුගිය ජූලි 01 වනදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන්…

    Read More

    ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

    මෙවර මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උමා කුමරන් නම් ඇය සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබේ. මේ අතර, ඓතිහාසික ජයක් වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ 58වැනි අගමැති ධුරයට පත් කියර් ස්ටාමර් නව කැබිනට්…

    Read More

    අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට

    ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත.

    Read More

    සඳුදා වැඩවර්ජනයක්

    රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී එළඹෙන සඳුදා (08) සහ අඟහරුවාදා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ. ඒ, වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සංගම් රැසක් එම වැඩ වර්ජනයේ…

    Read More

    සර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත එළිදක්වයි

    සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ යටතේ පළමු කෙටුම්පත ජනතාව හමුවේ එළිදැක්වීම අද (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී සිදුකෙරුණි. අවසන් සැලැස්ම එළිදැක්වීම සිදු කරන්නේ මේ සඳහා ජනතා අදහස් එක්කර ගැනීමෙන් පසුවය. ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” යන්න මෙම වැඩපිළිවෙළේ තේමාවය. සර්වජන බලය, උපාය මාර්ගික වැඩපිළිවෙළේ ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කෙරෙන පළමු කෙටුම්පත එළිදැක්වීම මෙය වෙයි. මෙම…

    Read More

    ශ්‍රී ලංකාවට ලැබුණු සහන ගැන පැහැදිලි කිරීමක්

    ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.  ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් ක‍ළේය. විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම…

    Read More

    පලස්තීන ජනතාවට සැනසිල්ලක්

    ඊශ්‍රායල – හමාස් යුද්ධයේ සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය මේ වන තෙක් එකඟතාවකට පැමිණ නොමැති බවය. හමාස් සංවිධානය පවසා ඇත්තේ ගාසා සටන් විරාමයක් සඳහා එක්සත් ජනපද සැලැස්ම යෝජනා කර…

    Read More

    අන්තර්ජාල වංචා ඉහළට

    වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවය. ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරමින් චරුක දමුණුගල මහතා සඳහන් කළේ මාස දෙකක් ඇතුළත ළමුන්…

    Read More