Headlines

    sp

    සංචාරකයන් ලක්ෂ 10 පනී

    2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10  සීමාව ඉක්මවා ගොස් තිබේ. අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බව වාර්තා විය. ඒ අනුව 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි නම් කෙරුණු අතර ඔහු සමග පැට්‍රීෂියා රෝයි නම් කාන්තාව ද පැමිණ තිබුණි. ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ…

    Read More

    කොවිඩ් – 19 නව ප්‍රභේදයක් අමෙරිකාවේ

    කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවය. වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.

    Read More

    ප්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි

    කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය…

    Read More

    හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි.  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

    Read More

    සූර්ය බල විදුලි උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි

    මේ වනවිට මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි. මෙම වර්ෂය අවසන් වනවිට වහළය මත සූර්ය පැනල මගින්…

    Read More

    විධායක සේවා නිලධාරීන්ට විශේෂ දීමනාවක්

    රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ඒ බව තහවුරු කළේය. මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ…

    Read More

    LPL තරග සඳහා පවර් බ්ලාස්ට් ඕවර්ස්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග සඳහා නව තරග රීතියක් හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ. ඒ යම් ඉනිමක අවසාන භාගය සඳහා “Power Play” අවස්ථාවක් හඳුන්වා දීමය. එම නව වෙනස්කම හඳුන්වා දී ඇත්තේ “Power Blast Overs” යනුවෙනි. ඒ අනුව යම් ඉනිමක 16වන සහ 17වන පන්දු ඕවර දෙක “Power Play” අවස්ථාවක් වෙයි. එම පන්දු ඕවර දෙකේදී…

    Read More

    ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම ගැන IMF මතය කියයි

    ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සහ අනෙකුත් ණයහිමි රටවල් සමග ඇතිකරගත් එකඟතා, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා පියවරක් ඉදිරියට තැබීමක් ලෙස සැලකිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම එකඟතා ඔස්සේ ඩොලර් බිලියන 10ක පමණ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.

    Read More

    තඹුත්තේගමින් කොටුකර ගත් හොර නෝට්ටු මුද්‍රණාලය

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන සිටි 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 25 වන දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ ව්‍යාජ නෝට්ටු ළඟ තබා…

    Read More

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි

    ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද (27) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති බවය. 2022 වසරේ මැයි මාසයේ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණි. ඔහුගේ…

    Read More