Headlines

    sp

    වතු වැටුප ගැන තේ වතු හිමියන්ගේ සංගමය තීරණයක් ගනී

    රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරෙයි මහතා පැවසුවේ තේ වතු හිමියන්ගෙන් කරුණු විමසීමකින් තොරව අදාළ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවය. අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රොෂාන් රාජදොරෙයි මහතා එම අදහස් පළකළේය….

    Read More

    මෛත්‍රී පාර්ශ්වය වෙන තැනකට යයි

    පවතින දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නොව කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…

    Read More

    ඊශ්‍රායලයෙන් තවත් ප්‍රහාරයක්

    ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. එම ප්‍රහාරයෙන් මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් සිටින බව එම වාර්තා වල දැක්වෙයි. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ රෆා ප්‍රදේශයේ හමාස් ඉලක්කයක් වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බවය….

    Read More

    ශිෂ්‍යත්වයේ අයදුම් පත් භාරගැනීම අද සිට

    ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අද (27) දිනයේ සිට ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව ජුනි මස 14වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ජුනි මස 14 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසුව මාර්ගගත ප්‍රවේශය අවසන් කෙරෙන…

    Read More

    ඊශ්‍රායලය ට රොකට් ප්‍රහාර එල්ලවෙයි

    ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය වෙත පලස්තීන හමාස් සටන්කාමීන් විසින් රොකට් ප්‍රහාර එල්ලකළ බව වාර්තා වෙයි. මාස හතරකට පමණ කාලයක් තුළ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ලකර ඇත්තේ පළමු වරටය. හමාස් සටන්කාමීන් පවසා ඇත්තේ ඔවුන් රෆා ප්‍රදේශයේ සිට එම ප්‍රහාර එල්ලකළ බවයි.

    Read More

    ආනන්ද පෙරේරා දිවියෙන් සමුගනී

    මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම එතුමා විසින් මෙහෙයවීය.

    Read More

    කැලණි සහ කළු ගංගා අවදානම් මට්ටමට

    කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය…

    Read More

    කොළඹ පාරවල් කිහිපයක් අදත් වැසෙයි

    කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අද දෙරණ වෙත පැවසුවේ අධික සුළං සමග ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි  අනතුරු වළක්වාගැනීමේ අරමුණ පෙරදැරිව මෙලෙස මාර්ග කිහිපයක් වසා තබන බවය. ඒ අනුව බෞද්ධාලෝක මාවත මලලසේකර මංසන්ධියේ සිට තුම්මුල්ල වටරවුම දක්වාත්, විජේරාම පාර…

    Read More

    IPL අවසන් මහා තරගය අද

    ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වේ. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරය. එම තරගය චෙන්නායි හිදී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි. මූලික වටයේදී කොල්කටා කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරග 09ක් ජයගෙන ඇත. සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී ඇති අතර ඉන් තරග  08ක් ජයගෙන…

    Read More

    කාලගුණයෙන් මුහුද ගැන රතු අනතුරු ඇඟවීමක්

    තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ රීමල් සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටාවන මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමගින් තද වැසි ඇතිවිය හැකි බවය….

    Read More