Headlines

    sp

    නෙළුම් කුලුනේ පැරෂුට් අනතුර

    නෙළුම් කුලුනෙන් පහළට පැරෂුට් ආධාරයෙන් පැනීමේ අවස්ථාවකට එක්වූ පුද්ගලයෙකු ඉන් ඇදවැටී අනතුරට ලක්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදෙස් ජාතිකයෙකි. නෙළුම් කුලුන මුදුනේ සිට පහළට පැනීමේදී නිසි වේලාවට ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ එම විදෙස් ජාතිකයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    Read More

    සා පෙළ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර ගැන අවසන් තීරණය

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවය. එමෙන්ම විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසු පිරිස රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින්…

    Read More

    දේවගැති ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

    දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නීතිපතිවරයාට නියම කළේය. බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සර්ව…

    Read More

    අවසන් ග්ලැසියරයත් අහිමිවෙයි

    වෙනිසියුලාවේ පිහිටා තිබූ අවසන් ග්ලැසියරය වන්නේ ලා කොරෝනා එනම් හම්බෝල්ට් ග්ලැසියරය යි. මේ වනවිට එම ග්ලැසියරය දියවීම වේගවත් වී අයිස් පෙතක් බවට පත්ව ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙය ගෝලීය කාලගුණ විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළයාමේ ප්‍රතිඵල මැනවින් පෙන්නුම් කරන තත්ත්වයක් බව විද්‍යාඥයින් පවසයි.

    Read More

    මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. විශ්‍රාමික සහයක රදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 83 හැවිරිදි වියේ පසුවිය.

    Read More

    ලෝක කුසලාන කණ්ඩායම ගැන තරංග කී කතාව

    එළැඹෙන ජුනි මාසයේ ආරම්භවන 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඕනෑම අභියෝගයක් භාරගත හැකි ආකාරයේ කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසයි. තේරීම් කමිටු සභාපතිවරයා මෙම අදහස් පළකළේ 20යි 20 ලෝක කුසලාන සංචිතය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (13) එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට්…

    Read More

    විදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කළේය.  විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණි. පුරා දින තුනක් තිස්සේ පැවැති මෙම පෙත්සම් විභාගය අද…

    Read More

    රත්‍රං බවට සැක පුරාවස්තු තොගයක් නිවසක

    කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ‍ලැබුණු තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පුත්තලම පොලිස්  කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව පසුගිය 11 වනදා සිදුකළ සොදිසි මෙහෙයුමක දී රත්‍රං බවට සැකකෙරෙන මෙම  පුරාවස්තුන් සොයාගෙන තිබුණි. පොලීසිය පැවසුවේ මෙම පුරාවස්තු නිවසේ සූක්ෂමව සඟවා තිබීය දී සොයා…

    Read More

    බිලියන 35ක් රටට අහිමි කළ පාවහන් ජාවාරම

    විදෙස් රටවල නිෂ්පාදිත පාවහන් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ආනයනය කර අලෙවි කිරීමේ මහාපරිමාණ ජාවාරමක් සම්බන්ධවෙන් තොරතුරු අනාවරණය වී තිබේ. නියමිත බදු ගෙවීමකින් තොරව ඇතැම් රේගු නිලධාරීන් හා සම්බන්ධවෙමින් ඔවුන් එම ජාවාරමේ නිරතව ඇති බව සඳහන්ය. විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද පාවහන් යුගලයක් සඳහා අවම වශයෙන් රුපියල් 2,000ක බදු මුදලක් අයකරනු ලබයි. දේශීයව නිපදවන පාවහන්…

    Read More

    ජනපතිගේ පාලනය ගැන මහින්දගෙන් දැඩි තීරණයක්

    රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පෙන්වා දෙයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන…

    Read More