Headlines

    sp

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

    රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීය. ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමගය. අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතව තිබේ. ඒ අනූව ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම්…

    Read More

    ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ. දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සමස්ත ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේඛම් ජගත් චන්ද්‍රලාල් මහතා…

    Read More

    මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

    ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි. අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, මෙම කරුණු සඟවමින් වැටුප් වැඩි කරගත් මහබැංකු අධිපතිවරයා සහ පාලනාධිකාරිය ඉල්ලා අස්විය යුතු බවය.  මෙහිදී වැඩිදුරටත්…

    Read More

    E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

    බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ  E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය මගින් VFS Global සමාගම පෙන්වාදෙන්නේ 2004 සිට සිය සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය. මේ අතර තම සමාගම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව නවසීලන්තය ප්‍රංශය ජර්මනිය ඉතාලිය ස්විට්සර්ලන්තය, නෝර්වේ, ඔස්ට්‍රියා,…

    Read More

    සා පෙළ විභාගය අද ඇරඹේ

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ විය විභාගය අද සිට ලබන  15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වීමට නියමිතය. මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.  ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වන…

    Read More

    රටම දන්න බන්ධනාගාරයට සුපිරි හෝටලයක්

    බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු සංකීරණයක්, කෞතුකාගාරයක් සහ සංචාරක හෝටලයක් ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත අතර වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එම කටයුතු සිදුකෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ…

    Read More

    සුපිරි නළුවෙක් දිවියෙන් සමුගනී

    ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබේ. මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවිය. ලෝක අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු එක්කළ විශිෂ්ඨ රංගනය ලෝකයේම කතාබහට ලක්විය.

    Read More

    බිත්තර ගැන රජයෙන් අලුත් තීරණයක්

    මෙරට බිත්තර මිල පාලනය කිරිම සදහා යළිත් වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය. ඔහු පෙන්වාදෙන්නේ බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබාදී ඇති බවය.

    Read More

    වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයෝ

    වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබේ. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරිම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු…

    Read More

    ඉදිකෙරෙන මධ්‍යම අධිවේගයේ ආධාරකයක් කඩාවැටෙයි

    ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසකි. ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ පස්වරුවේ මෙම කොන්ක්‍රීට් ආධාරකය කඩා වැටී ඇති බවය.

    Read More