Headlines

    sp

    පාසල්වල තෙවන අදියරේ ආරම්භය මැයි 20

    2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිතය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වනදා ආරම්භ වන අතර එය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    Read More

    ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

    මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණි.

    Read More

    පරාටේ නීතිය ගැන ගත් අලුත්ම තීරණය

    පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා දෙන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසටද නිර්දේශ කර ඇති බවය. ඒ ඇනුව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ණය ගැනුම්කරුවන්…

    Read More

    බස් ගාස්තු වෙනස් නොවෙයි

    ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි. එහෙත් බස් සංගම් පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බැවින් යළි…

    Read More

    න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?

    AI නැත්නම් කෘත්‍රිම බුද්ධියේ හැකියාවන්වල සීමාව කොතැනද යන්න තවමත් පිළිතුරු නොමැති කරුණකි. එසේම යුද ගැටුම්වලදී ප්‍රතිවාදීන්ට එරෙහිව කෘත්‍රිම බුද්ධියේ සහාය ලබාගැනීමද මේ වනවිට පැහැදිළිව පෙනීයන කරුණකි.  මේ ආකාරයෙන් මහා විනාශකාරී න්‍යෂ්ටික අවිවල පාලනයක් රොබෝවරුන්ට හිමිවුවහොත් කුමන තත්ත්වයක් ඇතිවේදැයි යන්න පිළිබඳව මේ වනවිට කතාබහක් නිර්මාණය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයෙන්…

    Read More

    ගෑස් මිලේ වෙනසක්

    ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කරන බවය. ඒ අනුව එලෙස අඩුවන මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

    Read More

    දුම්රිය ධාවනය යළි අර්බුදයක

    තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසයි. එහි සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසුවේ, එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් කටයුතු කිරීමට අත්‍යවශ්‍ය බවය. දෛනිකව දුම්රියේ ඇති වෙන දෝෂයන්ට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති තත්ත්වයක් තුළ ජනතාව කුපිත වී බැන වැදීම් සිදුවන බවත් පැවසු ඒ මහතා පුහුණුව ලැබූ…

    Read More

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි 13 සිට යළිත්

    ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි. කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන…

    Read More

    ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන PHI සංගමයෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති බවය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස…

    Read More

    කම්කරු වැටුප් වැඩිකළ නොහැකි බව වතු සමාගම් කියයි

    වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීම දුෂ්කර වී ඇති බවය.  කෙසේවෙතත් පඩි පාලක සභාවේ අනුමැතියට යටත්ව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර මහතා විසින් වතු…

    Read More