Headlines

    sp

    කොළඹ මැයි රැළි පැවැත්වෙන්නේ මෙහෙමයි

    ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම මාර්ග සිතියම් පහතින්. සිතියම by poornima on Scribd

    Read More

    ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි

    රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවිය.

    Read More

    පාඨලීව CIDයට කැඳවයි

    එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාව හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

    Read More

    EPF පොලිය ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

    සේවක අර්ථ සාධක අරමුදල සඳහා පොලිය වැඩිකිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් නව තීරණයක් ගෙන තිබේ. එහි දැක්වෙන්නේ, “2023.12.31 වන දිනට පවතින සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය සඳහා සියයට 13ක පොලී අනුපාතයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය අනුමැතිය” ලබා දුන් බවය.

    Read More

    ටයිටැනික් මතකය අලුත් කළ රන් ඔරලෝසුව

    සිය මංගල මුහුදු ගමන අතරතුරදී අනතුරට ලක්ව ගිලි ගිය ටයිටැනික් නෞකාව තවමත් විවිධ පුවත් මවයි. එම නෞකාව එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට අමෙරිකාවේ නිව් යෝර්ක් දක්වා ගමන් කරමින් සිටියදී 1912 අප්‍රේල් 12 වනදා උතුරු අත්ලාන්තික් මුහුදේදී අයිස් කුට්ටියක ගැටී ගිලී ගියේය. ඉන් මගීන් 1,500ක් පමණ ජීවිතක්ෂයට පත්විය.  එම නෞකාවේ ගමන් කරමින් සිදී ධනවත්ම මගියා වූයේ ජෝන් ජේකොබ්…

    Read More

    ලංකාවේ සියයට 10කට වකුගඩු රෝග

    මෙරට ජනගහනයෙන් සියයට 10ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසයි. දියවැඩියාව වැළදීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බව විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කළේය. “අපේ රටේ 10% විතර කිසියම් හෝ වකුගඩු රෝගයෙක් සිටිනවා. ඇත්තටම මේ සඳහා විවිධ…

    Read More

    මතීෂට කඩුලු දෙකක් එක්කර දෙමින් චෙන්නායි කණ්ඩායමට තවත් ජයක්

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්ව තිබේ. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තේය. එහිදී නායක, Ruturaj Gaikwad ලකුණු 98ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් සන්රයිසස්…

    Read More

    ශ්‍රම බළකාය පහළ ගොස් ඇති බවට අනාවරණයක්

    පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබේ. ඒ අනුව 2022 වසරේ දී මිලියන 8.54ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය පසුගිය වසරේ දී වසරේ දී මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය…

    Read More

    පාකිස්තානයෙන් ආ යාත්‍රාවේ කෝටි ගණනක මත්ද්‍රව්‍ය

    පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු ඉන්දියානු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. “අල් රාසා” නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වන…

    Read More

    හමුදා පොදු සමාව ගැන ඉල්ලීමක්

    නීතියානුකූල ලෙස නිවාඩු ගෙන සේවයට වාර්තා කර නොමැති ත්‍රිවිධ හමුදාව සඳහා ලබා දී ඇති පොදු සමා කාලය වෛද්‍ය අංශයේ නිරත රණවිරුවන් සඳහා ද ලබාදීමට කටයුතු කළ යුතු බව එක්සත් රණවිරු ප්‍රජාව පවසයි. එම සංගමයේ කැඳවුම්කරු අසේල ධර්මසිංහ මහතා පැවසුවේ, වෛද්‍ය අංශයේ සේවයේ නිරත රණවිරුවෙකුගේ මාසික වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බවය. “යුද හමුදා රණවිරුවන්ට පොදු සමාව…

    Read More