Headlines

    sp

    ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

    ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවය. 1871 වසරේදී එලෙස විදාරණය වූ ගිනි කන්දේ කොටස් මුහුදට කඩාවැටීමෙන් සුනාමි අනතුරක් ද සිදුවුණි. මේ හේතුවෙන්…

    Read More

    මියන්මාර සයිබර් අපරාධකරුවන්ගෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් දිවයිනට

    මියන්මාරයේ මියාවඩි සයිබර් අපරාධ කලාපයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයින් 08 දෙනා දිවයිනට පැමිණ තිබේ. පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය. මියන්මාරයේ මියාවඩි සයිබර් අපරාධ කලාපයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 08 දෙනෙකු පසුගිය මාර්තු මස 04වන දා මුදාගැනීමට මියන්මාර ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි. ඔවුන් ශ්‍රී ලංකාවට…

    Read More

    මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව…

    Read More

    විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. එම පනත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන බව ද x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත. පනත් කෙටුම්පතෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති දෙකක කාලයක්…

    Read More

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් එක්දින වාර්තා රැසක්

    දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණි.  ඒ අවසන් එක්දින තරගයේ හිමිවූ ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කය හඹාගොස් ජය ගැනීමත් සමගය. ඒ අතර එම තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 195ක් වාර්තා කිරීමද විශේෂත්වයකි. දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා…

    Read More

    ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙනු ඇති බව වාර්තා වේ. පසුගිය 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලය රැස්වුණි. එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද…

    Read More

    පාකිස්තානයේ ආපදා මරණ තවත් ඉහළට

    පාකිස්තානයේ ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ. ගංවතුර, අකුණු සහ ගොඩනැඟිලි කඩාවැටීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් මෙම මරණ සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වයඹ දිග පාකිස්තානයෙන් වාර්තාවන අතර ගොඩනැගිලි කඩාවැටීම හේතුවෙන් එම පළාතේ ළමුන් 15 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ. ආපදා තත්ත්වය…

    Read More

    රුසියානු භටයින් 50,000ක් මරුට

    යුක්‍රේනයේ දී මියගොස් ඇති රුසියානු හමුදා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගතවී ඇති අතර රුසියානු භටයින්ගේ මරණ පළමු වසරට වඩා 25%කින් වැඩිවී ඇති බව සංඛ්‍යාලේඛන අනුව පෙනීයයි. දෙරට අතර යුද ගැටුම් 2022 පෙබරවාරි මාසයේ ඇරඹිණි. දෙවැනි වසර තුළදී රුසියානු…

    Read More

    උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකිය. එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි….

    Read More

    ජාතික ජන බලවේගය පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන අයුරු පැහැදිලි කරයි

    2019 වර්ෂයේ අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව එම පක්ෂය විසින් ප්‍රසිද්ධ කර තිබේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරයි. සම්පූර්ණ තොරතුරු පහතින්

    Read More