Headlines

    sp

    රාජ්‍ය ඇමති චාමර ගමන්කළ රථය එක්වරම ගිනිගනී

    රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇත. අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බවට වාර්තාවෙයි. රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව ඇත. කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ…

    Read More

    අවස්ථාවක් ලැබෙන තුරු ඊශ්‍රායලය බලා සිටී

    ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින බව ඊශ්‍රායලය පවසයි. මැදපෙරදිග කලාපය තුළ දරුණු යුද බියක් මවමින් ඉරානය පළමු වරට ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඒ අනුව ඉරානය විසින් ඉකුත් 13 වනදා සහ ඊයේ (14) අලුයම් කාලයේදී ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබුණි. සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයට…

    Read More

    හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පෙරවරු 10යි 17 ට යෙදී තිබුණි. ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත්‍ර යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන්…

    Read More

    පිහියකින් සහ කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි

    මාර්ගයකදී පිහියකින් සහ කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ පුද්ගලික ආරවුලක් මත ඊයේ (14) 37 හැවිරිදි පුද්ගලයෙකුව මෙලෙස ඝාතනය කර ඇති බවය. ඇලයාපත්තුව පොලිස් වසමේ තිබ්බටුවාගම විහාරස්ථානයට යන මාර්ගයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි. මේ අතර අද (15) අලුයම හක්මන පොලිස් වසමේ කහටගහකොරටුව ප්‍රදේශයේදී 21 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත….

    Read More

    ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන පහසුකම්

    අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ මගී අවශ්‍යතාව පරිදි එම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවය. මේ අතර දුම්රියෙන් පැමිණෙන මගී ජනතාවට ද ඔවුන්ගේ…

    Read More

    මුම්බායි වැනසූ මතීෂ තරගයේ වීරයා වෙයි

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. එම තරගයේදී සුපිරි පන්දුයැවීමක නිරතවූ මතීෂ පතිරණ ලකුණු 28ක කඩුලු  4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් වුණි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක්…

    Read More

    අද තද වැස්සක්

    අද (15) දිනයේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. සම්පූර්ණ නිවේදනය පහතින්,  

    Read More

    RMS Titanic නෞකාව මුහුදු බත් වී අදට වසර 112 ක් සැපිරේ..

    අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර නිපදවූ ටයිටැනික් නෞකාව, වයිට් ස්ටාර් සමාගම සතුවූ ඔලිම්පික් ශ්‍රේණියේ නෞකා තුනෙන් දෙවෙනි නෞකාව විය. අනෙක් නෞකා දෙක වූයේ RMS Olympic සහ RMS Britannic ය.( මුලින්ම නම් කෙරුණේ Gigantic ලෙසය ). මෙය සමාගම සතුවූ නෞකා 29 කින් විශාලම නෞකා ත්‍රිත්වය වූහ. මෙම නැවු ත්‍රිත්වයෙහි මූලාරම්භය 1907 මැදදී වයිට් ස්ටාර් සමාගමේ සභාපති වූ J….

    Read More

    රුපියල ට ලෝකයෙන් සහතිකයක්

    2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් ය.

    Read More

    ඇවිලෙන ගින්දරට පිදුරු දමන ජෝ බයිඩන්

    ඉහළ පෙළේ අණ දෙන නිලධාරීන් ඝානතනය කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයට පහර දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි. සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පිළිගෙන නොමැති වුවත් එම ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය සිටින බවට ඉරානය පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. කෙසේ වෙතත් ඕනෑම ප්‍රහාරයකින්…

    Read More