Headlines

    Blog

    සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ අඩුවෙයි

    අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 577ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 556 දක්වා අඩු වී ඇති බව මහ බැංකුව පෙන්වාදෙයි. කෙසේවෙතත් 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024…

    Read More

    ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදයෙන් ගැටලු රැසක්?

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අධ්‍යාපන බලධාරීන් කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමු කර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බවය. ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් පාසල්…

    Read More

    ඉරානයෙන් ඊශ්‍රායලයට සහ අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

    තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසයි. පසුගිය සතියේ ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන අධ්‍යාත්මික නායකයා පෙන්වාදී ඇත්තේ සිය රටට සහ ජනතාවට එරෙහිව කටයුතු කරන අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු…

    Read More

    රුසියානු අධිකරණයක් ගුගල් සමාගමට එරෙහිව අතිවිශාල දඩයක්

    රුසියානු අධිකරණයක් ගුගල් සමාගමට එරෙහිව අතිවිශාල දඩයක් නියම කර තිබේ. ඒ, 2020 වසරේ සිට RT සහ Sputnik ඇතුළු රුසියානු මාධ්‍ය  ආයතන 17කට අයත් Youtube වැඩසටහන් ප්‍රචාරය හා ප්‍රවේශයන් සීමා කිරීම හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි අංක දෙක සහ බින්දු 36 කින් යුත් රූබල් අන්ඩෙසිලියන් දෙකක් ලෙස හැඳින්විය හැකි මෙම දඩය ….

    Read More

    ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

    ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක මහතා සඳහන් කළේ, එරට පවතින ගැටුම් සමනය වනතුරු එම රට සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි නොකරන බවයි. ලෙබනනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ. මේ වන විට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්…

    Read More

    හොංකොං සික්සස් සටනේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද

    හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට එරෙහිව අද (2) දහවල් ක්‍රීඩාකිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩාකළ සියලුම තරග ඊයේ අවසන් වූ අතර, ඒ හේතුවෙන් ඔවුන් එදිනම තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය. කෙසේ නමුත් ‘ බී’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ නේපාල කණ්ඩායමට මූලික වටයේ…

    Read More

    කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ මහතා පවසා සිටියේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

    Read More

    කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

    අද (2) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ…

    Read More

    සරසවි සිසුවියන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුරේ සම්පූර්ණ කතාව

    බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුරෙන් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය. අද පෙරවරු 8ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ…

    Read More

    ඌරු ගොවිපොළ ලියාපදිංචිය ගැන හදිසි දැනුම්දීමක්

    දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි. ඒ මෙරට ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමගය. මෙම සූකර උණ රෝග තත්ත්වය පළමුවරට බස්නාහිර පළාතෙන් වාර්තා වු අතර මේ වනවිට ඌව, උතුරු මැද…

    Read More