Headlines

    Blog

    ගමනාගමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් එම පත්කිරීම් අනුමත කළ බව කැබිනට් ප්‍රකාශ විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව, එහි සභාපතිවරයා ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර ඇත. ඒ මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. එම කොමිසමේ අනෙකුත් සමාජිකයින් වන්නේ,  1991 අංක…

    Read More

    ගම්මන්පිලගේ වුවමනාව ඇමති විජිත හෙළිකරයි – කමිටු වාර්තාව රජය පිළිගන්නේ නැති බවත් කියයි

    කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව අමාත්‍යවරයා කියා සිටියේය. අද (22)…

    Read More

    කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

    නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව එම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘති‌යේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහාලුම් පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම…

    Read More

    මේ වසරේ පළමු මාස 9 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 3,000ක්

    ‍මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේ. ජනවාරි මස පළමුවන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,045ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය. එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81ක්…

    Read More

    ගම්පහ ජනතාවට විශේෂ දැනුම්දීමක්

    ‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (22) දහවල් 12 දක්වා මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බවය. ඒ අනුව වත්තල, මාබෝල, ජාඇළ,…

    Read More

    ව්‍යාජ රට රැකියා ජාවාරමක්

    ‍ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට මුදල් ගෙවන ලෙස ලබාදෙන ඇමතුම්වලට සිය කාර්යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමීණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, මුදල් ගෙවා ඇති ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින් කිසිවෙකු යළිත් මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවය. යම් පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් රුපියල් 14,700ක මුදලක් ගෙවන…

    Read More

    ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

    බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…

    Read More

    ගම්මන්පිල ට චෝදනාවක්

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණවල විභාගවන නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් වී සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ විශ්වසනීයත්වය බිඳහෙළීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උත්සාහ දරන බව ජාතික ජන බලවේගය පවසයි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා සිදුකළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ…

    Read More

    දමිතාගෙන් තවත් පිම්මක්

    ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එම තීරණයට එළැඹි බවය. සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් තමා ඉවත් වෙන බවත් ඒ සඳහා උපකාර කළ සියලුදෙනාට ස්තූතිය පිරි නමන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.  දමිතා…

    Read More

    උද්ධමනය ඍණ වෙයි

    ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.  අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය. 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී  0.5%ක් දක්වා අඩු වී ඇත. එමෙන්ම,…

    Read More