Headlines

    Blog

    මිලේනියම් සිටි නඩුවෙන් මහනුවර හිටපු ASP උඩුගම්පොළ නිදොස් කොට නිදහස්

    2002 වසරේ අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ යැයි එල්ල කර තිබූ චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ…

    Read More

    සත්ත්ව සංගණනයේ වාර්තාව හෙට – සතුන් කළමනාකරණයටත් වැඩපිළිවෙලක්

    වන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, වගා හානි සිදුකරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ සංගණනයේ වාර්තාව හෙට (28) දිනයේ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවය.  මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ…

    Read More

    බ්‍රිතාන්‍යයේ සම්බාධක ගැන නාමල්ගෙන්  X පණිවුඩයක්

    මෙරට යුද විරුවන්ට එරෙහිව එක්සත් රාජධානිය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවුඩයක් නිකුත් කර තිබේ. ඔහු එහි දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ නවතම සම්බාධක මානව හිමිකම් ගැන නොව LTTEයේ සහාය ලත් අයගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවය. එමෙන්ම මෙය යුක්තිය නොව ඇතැම් බටහිර දේශපාලනඥයන් මුදල් හරහා බලපෑම් කරමින්,…

    Read More

    තැන් තැන්වල වෙඩි තිබ්බාට ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

    දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (25) පැවැති උත්සවයකට එක්වූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,  “ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපි විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි මුළු…

    Read More

    නවසීලන්තයට ආසන්න දූපතක ප්‍රබල භූකම්පනයක්

    නවසීලන්තයට අයත් දූපතක් ආසන්නයේ ප්‍රබල භූකම්පයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට දැනුම්දී තිබේ. කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව වාර්තා වෙයි.

    Read More

    දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවෙන්ම යෝජනාවක්

    බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ඒ අනුව අදාළ යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතය.

    Read More

    ප්‍රාදේශීය සභා තුනක නාම යෝජනා ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

    පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත් පාලන ආයතනයන් සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම හෙට (26) දින මධ්‍යහ්න 12.00න් අවසන් බවය. ඒ අනුව අද (24) සිට එළැඹෙන 27 වැනි දින දහවල් 12.00 දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයන්…

    Read More

    ඡන්ද කාලේ වෙන සංවර්ධන වැඩ ගැන මැතිවරණ කොමිසමෙන් රජයට දැනුම්දීමක්

    මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබේ. ඒ අනුව අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුතුය.  මැතිවරණ කොමිසම පැවසුවේ දැනුම්දෙනු ලබන එම සංවර්ධන ව්‍යාපෘති කොමිසම විසින් සමාලෝචනය කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය. එමෙන්ම එම ව්‍යාපෘති…

    Read More

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

    ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 27 වැනි බ්‍රහස්පතිදා දිනයේදී පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා පැය 8 1/2ක් එම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවනු ඇති බව ජල සම්පාදන…

    Read More

    දේශබන්දුට තුන්වේලටම ගෙදරින් කෑම

    බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙන ඒම සඳහා අවසර ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවය. වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා එම නියෝගයෙන් දින…

    Read More