Headlines

    Blog

    ලෝක බැංකුවෙන් ජනපතිට සුබ පැතුම්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කර ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී…

    Read More

    ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

    මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළේ කොළඹ, කළුතර, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බවය. “ඉදිරියේදී මෙම ප්‍රමාණය අඩු කරගැනීමට අවශ්‍ය වැඩකටයුතු කරනවා. කොළඹ, කළුතර, ගම්පහ හැරුණු විට මේ සති කිහිපය තුළ මහනුවර, ගාල්ල,…

    Read More

    නිලන්ත ජයවර්ධනට අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරයි

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබේ.  නීතිපතිවරයා විසින් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියම කළ රුපියල් මිලියන 75ක වන්දිය සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම මත මෙලෙස චෝදනා ගොනු කර ඇති බවය.  ඒ අනුව…

    Read More

    කමිඳු ආසියානු වාර්තාවක් අලුත් කරයි

    ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් විය. කමිඳු පන්දු 147කට මුහුණ දෙමින් සිය ශතකය සම්පූර්ණ කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය. මේ අතර කමිඳු…

    Read More

    හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

    හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි.  හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් ව නැවත කැඳවීමට පියවර ගෙන ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි…

    Read More

    ලාංකිකයින් දිනකට රු බිලියන 6.5කින් ණයකරුවන් වන හැටි

    පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවය. මේ හේතුවෙන් නව…

    Read More

    ඉහළ යන යුද ගැටුම් හමුවේ ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට යළි දැනුම්දීමක්

    ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලීමක් කර තිබේ. ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනානවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි  හයිෆා, ගැලිලි, ගෝලන්, හා නාසරිත් යන ප්‍රදේශවල ඉහළ අහසේ සිට…

    Read More

    ජනපතිගෙන් ලංකා වාණිජ මණ්ඩලය කළ ඉල්ලීම

    අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලංකා වාණිජ මණ්ඩලය ද සුභාශිංසන එක්කර තිබේ.  මෙම සන්දර්භය තුළ සහ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට සහ ලංකා වාණිජ මණ්ඩලයේ VISION 2030 ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව, ධුරකාලයේ පළමු මාස 6තුළ ආර්ථිකයේ ක්ෂේත්‍ර 10ක් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස එම මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.  ඊට අනුව මෑතකදී වාණිජ ණය හිමියන් විසින් නිකුත් කරනු…

    Read More

    ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල පත් කෙරේ

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

    Read More

    මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ව පත් කෙරේ

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රවී සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත. රවී සෙනවිරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.  විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඒ මහතා විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයෙකි. එසේම රාජ්‍ය…

    Read More