නව ආරක්ෂක ලේකම්වරයා ව පත්කෙරේ
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පත් කර ඇත. 1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ තුයියකොන්තා මහතා, 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත් කරන ලදී. එමෙන්ම 1990 වසරේ හෙතෙම බෙල් 212/412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරි සඳහා…