Headlines

    Blog

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මරුට

    ලෙබනයේ බේරූට් අගනුවර වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මිය ගොස් තිබේ. ඊබ්‍රාහිම් අකිල් නැමති පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔහු හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකි. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.  නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පේජර්…

    Read More

    ගතවූ පැය 24 තුළ වාර්තා වූ මැතිවරණ පැමිණිලි ගණන

    ජනාධිපතිවරණය සඳහා වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ සිදුවූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 337ක් ලෙස වාර්තා වී ඇත. මින් වැඩිම පැමිණිලි සංඛයාවක් වාර්තා වී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම් වන…

    Read More

    ඡන්දය ප්‍රකාශ කිරීමට මෙයින් එකක් ප්‍රමාණවත්

    අද (21) පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබේ. ඒ අනුව, * ජාතික හැඳුනුම්පත* වලංගු විදේශ ගමන් බලපත්‍රය * වලංගු රියදුරු බලපත්‍රය* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත* වැඩිහිටි හැඳුනුම්පත* පූජ්‍ය / පූජක හැඳුනුම්පත* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත්…

    Read More

    9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද

    ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි.  ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබේ. මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට…

    Read More

    මැතිවරණයට කොමිසමේ සුදානම

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ, ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවට සැකකෙරෙන දිස්ත්‍රික් සඳහා වැඩි අවධානයක් යොමුකර ඇති බවය. හෙට (20) දිනයේ සිට පැය තුනකට වරක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ වාර්තාවක් ලබා ගැනීමට…

    Read More

    ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන්

    මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ. අනිද්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වු අතර මැතිවරණය පැවැත්වෙන කාලසීමාව දක්වා…

    Read More

    මැතිවරණ රාජකාරී සඳහා බස් 1,358ක් සුදානම්

    මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බවය. ඊට අමතරව මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා ද බස් රථ 175ක් ලබාදීමට නියමිතව…

    Read More

    පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

    සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කෙරෙයි. සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ. නැවත පාසල් ආරම්භය සැප්තැම්බර් 23 වන දිනයේදී සිදුවන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

    Read More

    රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව

    2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්….

    Read More

    ඡන්ද දායකයින් ගෙන් පොලීසිය කළ ඉල්ලීම

    ඡන්ද දායකයින් සිය ඡන්ද භාවිතා කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේදී රැගෙන නොයා යුතු දේවල් පිළිබඳව පොලීසිය විසින් දැනුම්වත් කිරීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා, “තමන්ගේ ඡන්ද ප්‍රකාශ කරන්න එන විට පුරවැසියාටත් වගකීමක් තියෙනවා යම්කිසි ආකාරයකට සිහිබුද්ධියෙන් එන්නට. අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා උදෑසන වන විටත් මත්පැන් පානයකරලා තමගේ ඡන්ද මධ්‍යස්ථානයට…

    Read More