Headlines

    Blog

    අපි පානය කරන ජලය ගැන හෙළිදරව්වක්

    මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ආයතනය එක්වී පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සිදුකරන ලද ගෘහස්ථ සමීක්ෂණයේදී මේ පිළිබඳ කරුණු හෙළිවී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන…

    Read More

    මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන දැනුම්දීමක්

    ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවය.

    Read More

    ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

    Read More

    මැද පෙරදිග යුද බිය පැතිරෙයි

    තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු නිදා සිටි ගොඩනැගිල්ලේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක්ද එම ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි….

    Read More

    විජයදාසත් ඇප තියයි

    ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුවය.

    Read More

    ජෝ රූට් අංක එක වෙයි

    ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම අනූව පළමු ස්ථානයට පත්වීමට එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත්වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත්කළ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ රූට් පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 872ක් ලබා ගනිමිනි. දෙවැනි ස්ථානයේ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් පසුවෙයි. ඒ ලකුණු 859ක් සමගිනි.

    Read More

    තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම ගැන දැනුම්දීමක්

    2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙසය. විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ…

    Read More

    කොළඹ උද්ධමනය ඉහළ යයි

    2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත.  එය 2024 ජුනි මාසය සඳහා 1.7% ක් ලෙස වාර්තා වී තිබුණි. 2024  ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික…

    Read More

    ප්‍රසන්න මහින්දට ලියයි

    එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමා සහාය දක්වන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබේ. එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවය. එනිසා හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා…

    Read More