Headlines

    Blog

    වර්ජනයට අපි නෑ 

    හෙට සහ අනිද්දා ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව ඔවුන් ප්‍රකාශ කරයි. එහි ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ වැඩවර්ජන කිරීම හරහා සිදුවෙන්නේ රෝගීන් ජනතාවද අපහසුතාවට පත්වීම බවයි. ප්‍රශ්න ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබ්බත් මෙය වැඩවර්ජන සඳහා අවස්ථාවක් නොවන බවත් ආණ්ඩුව පළවා හැරීමට…

    Read More

    සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ කුමන්ත්‍රණක් ගැන හෙළිදරව්වක්

    ඉදිරියේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඒ සඳහා ආර්ථික අපහසුතා සහිත සේවකයින් එක්කර ගැනීමට එම කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බව ඔහු සඳහන් කළේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඒ බව පැවසීය. මේ අතර…

    Read More

    ආදායම් වාර්තා තැබු චිත්‍රපට නිෂ්පාදකයා දිවියට සමුදෙයි

    ලොව ආදායම් වාර්තා තැබූ ටයිටැනික් සහ අවටාර් යන චිත්‍රපට වල නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී ජොන් ලැන්ඩව් ජීවිතක්ෂයට පත්වී තිබේ. මියයන විට ඔහු 63 වන වියේ පසුවිය. ඔහු පසුගිය වසර පුරාවට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි බව සඳහන් ය.    ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයුරිය වන ටීනා පවසා ඇත්තේ “ගැහැණු ළමයෙකුට හිමිවිය යුතු හොඳම සහෝදරයා..” ඔහු බවයි

    Read More

    ඉදිරියටත් රනිල්ට සහාය දෙන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

    රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව්…

    Read More

    ඉරානයේ 9වන ජනාධිපතිවරයා මසූඩ්

    ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්වී තිබේ. ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදය හිමිකරගත් සයිඩ් ජලීලි පරාජයට පත් කරමිනි. ඉරාන ජනාධිපතිවරණය 2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව පැවතියත් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවුණේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි මරණයත් සමගය. පසුගිය මැයි 28 වනදා ජනාධිපතිවරණය පැවතියත් එහිදී කිසිවෙකුටවත් සියයට 50 ඉක්මවූ…

    Read More

    ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඊයේ (06) උදෑසන ඔවුන් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය. පසුගිය ජූලි 01 වනදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන්…

    Read More

    ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

    මෙවර මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උමා කුමරන් නම් ඇය සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබේ. මේ අතර, ඓතිහාසික ජයක් වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ 58වැනි අගමැති ධුරයට පත් කියර් ස්ටාමර් නව කැබිනට්…

    Read More

    අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට

    ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත.

    Read More

    සඳුදා වැඩවර්ජනයක්

    රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී එළඹෙන සඳුදා (08) සහ අඟහරුවාදා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ. ඒ, වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සංගම් රැසක් එම වැඩ වර්ජනයේ…

    Read More

    සර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත එළිදක්වයි

    සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ යටතේ පළමු කෙටුම්පත ජනතාව හමුවේ එළිදැක්වීම අද (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී සිදුකෙරුණි. අවසන් සැලැස්ම එළිදැක්වීම සිදු කරන්නේ මේ සඳහා ජනතා අදහස් එක්කර ගැනීමෙන් පසුවය. ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” යන්න මෙම වැඩපිළිවෙළේ තේමාවය. සර්වජන බලය, උපාය මාර්ගික වැඩපිළිවෙළේ ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කෙරෙන පළමු කෙටුම්පත එළිදැක්වීම මෙය වෙයි. මෙම…

    Read More