දුම්රිය රියදුරන් හෙට වැඩ වර්ජනයක
හෙට (07) දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය පවසයි. ඒ දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස්වීම්, වැටුප් ගැටලු ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමිනි.
හෙට (07) දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය පවසයි. ඒ දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස්වීම්, වැටුප් ගැටලු ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමිනි.
ආධ්‍යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාර අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව එල්ලවූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබාදී තිබේ. ඒ බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් තීන්දුවේ සඳහන්…
ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ඒ අනුව ඒකක 0…
සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි. ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් විය.
මේ වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, පාසල් බොහොමයක මඳුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් බවය. “ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපි දැක්කා 2023 වර්ෂයේ අග භාගය වෙන විට…
ඉන්දීය මහ මැතිවරණය ජයගෙන තුන් වැනිවරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වීමට අගමැති නරේන්ද්‍ර මෝදි සමත්ව තිබේ. කෙසේ නමුත් ඔහුගේ සන්ධානයට මෙවර මැතිවරණයේදී අනපේක්ෂිත පසුබෑමකට මුහුණපෑමට සිදුව තිබීම විශේෂත්වයකි. දින 44ක් පුරා අදියර 7ක් යටතේ පැවැති ඉන්දීය මහා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ඊයේ නිකුත් වුණි. ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය අත්කර දෙමිනි. කෙසේ නමුත්…
LPL තරගාවලියට සහභාගී වෙන දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවන් ලෙස අමෙරිකානු සමාගමක් තෝරාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම කණ්ඩායමේ නව හිමිකරු වන්නේ, ලොස් ඇන්ජලිස් හි පිහිටි ප්‍රධාන පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants ආයතනයයි. ඒ අනුව එළැඹෙන LPL තරගාවලිය සඳහා “දඹුල්ල සික්සර්ස්” නමින් දඹුල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතය. Sequoia Consultants සමාගමේ බහුතර…
විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ඊයේ (04) අංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී අනුමැතිය ලබාගත් බවත් අමාත්‍යවරයා පැවසීය. එබැවින් එම පනත් කෙටුම්පතට වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවද ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. රජය විසින්…