ගංවතුරේ නවතම නිවේදනය එළියට
ගංවතුර තත්ත්වය පිළිබඳව නවතම නිවේදනය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ කළු ගඟ පුටුපාවුල සහ ඇල්ලගාව ප්‍රදේශයෙනුත් කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙනුත් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින බවය. එසේම මෙම ගංවතුර තත්ත්වයේ වර්ධනයක් තවදුරටත් සිදුවන බව එම නිවේදනයේ දැක්වෙයි. මේ අතර නිලවලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින අතර එයද වර්ධනය වෙමින්…