ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි
ඉතා මියුරු ගීත තනු සිය ගණනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 94 හැවිරිදි වියේ පසුවිය. ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය.