Headlines

    Blog

    හෙට කොළඹට පැය 14 ජල කප්පාදුවක්

    හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම…

    Read More

    ජනපති කැඳවූ රැස්වීමේදී දේශපාලන තීන්දු කිහිපයක්

    ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි. ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගීවී ඇති බව වාර්තා විය. එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම්…

    Read More

    බලශක්ති ක්ෂේත්‍රය නියාමනය සඳහා ආයතනයක්

    බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නව කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. අද (26) දහවල් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. වැඩි විස්තර පහතින්,

    Read More

    O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන දිනය ඇමති කියයි

    සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව බවය. “සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඊට පෙර සියලු නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග…

    Read More

    එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට අදාළව දැනුම්දීමක්

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ. කෙසේවෙතත් ඊයේ (25) නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. එහිදී අදාළ…

    Read More

    ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

    ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් දැනුම්දී ඇත්තේ මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසටය. ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවය. එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්…

    Read More

    මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

    මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබේ. එමගින් දන්වා ඇත්තේ එම කරුණු හරහා සිදුවූ අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ගෙවන ලෙසටය.

    Read More

    ඉරාන රැප් ගායකයා ට මරණ දඬුවම

    ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහාය දුන් බවට චෝදනා එල්ල වූ එරට ප්‍රකට රැප් ගායකයෙක් වන ටූමාජ් සලෙහි ට ඉරාන අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ සම්බන්ධයෙන් වාර්තා කළ එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ සලෙහි ට ඔහුට එරෙහිව ලබාදී ඇති දඬුවම ලිහිල්කර ගැනීමට අවස්ථාවක් ඇති බවයි. 2022-23 කාලයේදී ඉරානයේ පැවති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සලෙහි…

    Read More

    සන්නස්ගල අත්අඩංගුවට

    හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට ඒ මහතා මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    Read More

    හිටපු ජනපති ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවැත්වූ සැමරුමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. කාදිනල් හිමිපාණන් විසින් එල්ල කරන ලද ප්‍රධාන චෝදනා 4ක් උපුටා දක්වමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත. – උපුටා ගැනීම –  පාස්කු ඉරිදා…

    Read More