Headlines

    Blog

    RMS Titanic නෞකාව මුහුදු බත් වී අදට වසර 112 ක් සැපිරේ..

    අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර නිපදවූ ටයිටැනික් නෞකාව, වයිට් ස්ටාර් සමාගම සතුවූ ඔලිම්පික් ශ්‍රේණියේ නෞකා තුනෙන් දෙවෙනි නෞකාව විය. අනෙක් නෞකා දෙක වූයේ RMS Olympic සහ RMS Britannic ය.( මුලින්ම නම් කෙරුණේ Gigantic ලෙසය ). මෙය සමාගම සතුවූ නෞකා 29 කින් විශාලම නෞකා ත්‍රිත්වය වූහ. මෙම නැවු ත්‍රිත්වයෙහි මූලාරම්භය 1907 මැදදී වයිට් ස්ටාර් සමාගමේ සභාපති වූ J….

    Read More

    රුපියල ට ලෝකයෙන් සහතිකයක්

    2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් ය.

    Read More

    ඇවිලෙන ගින්දරට පිදුරු දමන ජෝ බයිඩන්

    ඉහළ පෙළේ අණ දෙන නිලධාරීන් ඝානතනය කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයට පහර දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි. සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පිළිගෙන නොමැති වුවත් එම ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය සිටින බවට ඉරානය පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. කෙසේ වෙතත් ඕනෑම ප්‍රහාරයකින්…

    Read More

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවෙකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. සැකකරු සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…

    Read More

    ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන තරගය අද

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (13) පැවැත් වෙයි. එය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය. තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පැවති පළමු තරගය වර්ෂාව හේතුවන් අත්හැර දැමීමට සිදුවිය.

    Read More

    දුම්රිය ප්‍රමාදයක්

    දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිළීපැනීමකට ලක්වීම හේතුවෙන්  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සාමන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ අද (13) උදෑසන කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ධාවන වූ දුම්රියක් මෙලෙස පීළි පැනීමකට ලක්ව ඇති බවය. එම දුම්රිය යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී…

    Read More

    අවුරුද්ද වෙනුවෙන් නිදහස ලැබූ පිරිස 779ක්

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගතව දඩුවම් ලබමින් සිටින රැඳවියන් 779 දෙනෙකු රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිතව තිබේ. විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකු මෙලෙස නිදහස ලබාගැනීමට නියමිතය. දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම අද දිනයේ අදාළ සිරකරුවන් පිරිසට නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.    …

    Read More

    හම්බේගමුවේ වෙඩි තැබීමක්

    හම්බේගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ (12) රාත්‍රී හම්බේගමුව සීනුග්ගල ප්‍රදේශයේ නිවසක සිටි දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පැවසුවේය. එම නිවසේ හිමිකරු සහ ඔහුගේ ඥාතී සොහොයුරන් ඇතුළු පිරිසක් සාදයක් පවත්මින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී 24 හැවිරිදි සහ…

    Read More

    අද අවුරුදු උදාව

    සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතෙන් අලුත් අවුරුද්ද උදාවේ. අපරභාග 02.41 සිට ඉරිදා (14) අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බැවින් අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන් වේ. ආහාර පිසීමේ නැකත අද රාත්‍රී 11.06ට යෙදී ඇති අතර…

    Read More

    කිලෝ 200කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

    හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රා 02ක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව මඟින් සිය භාරයට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ, එම යාත්‍රා දෙකේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් පිරිස සහ…

    Read More