Headlines

    Blog

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ජනපති සූදානම්

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28)පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්‍රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. ඒ සඳහා අවශ්‍ය නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත…

    Read More

    ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

    ආරක්ෂක අමාත්‍යංශ වැය ශිර්ෂය අද (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 78කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 88 ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ලැබුණි.

    Read More

    පුද්ගලයෙකු ලොරියක් කොල්ලකා පලායයි

    වත්තල ප්‍රදේශයේදී ලොරි රථයක් පැහැරගෙන පලායමින් සිටියදී කඩුවෙලදී එම රථයට වෙඩිතබා නවතාගෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව කඩුවෙල පොලිසීය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිශ්පාදිත අත්බෝම්බයක්ද හමු වූ බවද පොලීසිය සඳහන් කළේය. අදාළ ලොරි රථය නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා තිබේ. එහිදී රියදුරු තේ බීමට…

    Read More

    ගණේමුල්ල සංජීවගේ මරණයට අදාළ තීන්දුව නිකුත් කෙරේ

    ගණේමුල්ල සංජීවගේ මරණය වෙඩිතැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) තීන්දු කළාය.  පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළාය. මේ අතර ගණේමුල්ල සංජීව නමැත්තාගේ මරණයට අදාළ පශ්චාත් මරණ…

    Read More

    බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය වසා තැබීමක් ගැන නිවේදනයක්

    බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් හෙට දින (01) එම මහා මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඔරුගොඩවත්ත සිට වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් සිදු කිරීමට සිදුව ඇති බවය. ඒ අනුව හෙට දින උදෑසන 09.00 සිට පස්වරු 04.00…

    Read More

    පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දිගු කෙරේ

    පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වංගු කාලය දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්,  අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවය. එහි මීට පෙර සඳහන්ව ඇත්තේ, 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බවය

    Read More

    දිස්ත්‍රික්ක දෙකකට නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

    බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 12.30 සිට හෙට පස්වරු 12.30 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය සඳහන් කර තිබේ. 

    Read More

    රනිල් – සජිත් සාකච්ඡා SJB කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු

    සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී ගැනීමට නියමිතය. පසුගිය බදාදා දිනයේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණද එදින නිවාඩු දිනයක් බැවින් එම රැස්වීම නොපැවැත්විණි. ඒ අනුව ඉදිරි…

    Read More

    ඉන්ධන බෙදුම්කරුවන් ලැබූ සියයට 3 වට්ටම් මුදල අහෝසි කරයි

    ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබා ගන්නා සියයට 03ක වට්ටම් මුදල අහෝසි කර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ මෙතෙක් ඔවුන් ලබා ගත් 03%ක මුදල අනීතික බවය. “මේ ගොල්ලන්ට…

    Read More

    විදුලි බල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින් වෙත විදුලි සම්බන්ධතා ලබාදීමේදී අය කරනු ලබන තැන්පතු මුදල සඳහා වාර්ෂික පොලී ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම මණ්ඩලයට අද (28) නියෝග කළේය. විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී  එස්. තුරෙයි රාජා, සෝභිත රාජකරුණ සහ මේනකා විජේසුන්දර යන මහත්ම…

    Read More