Headlines

    Blog

    පොලිස් නිලධාරීන්ට වෙනම වැටුප් ව්‍යුහයක් ලබන අයවැයේදී

    පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ සඳහා මේ වනවිට සැලසුම් සකස් කර ඇති බවය. එමෙන්ම කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් අඩු කිරීමක් සිදුකර නැති බවත් අවුරුදු කිහිපයකට පසු මූලික වැටුප වැඩි කිරීමට කටයුතු…

    Read More

    සුවිශේෂී ගෝලීය සිදුවීම් දේශනයට සූදානමින් රනිල් නවදිල්ලියට

    සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන ⁣හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ දේශනය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේදී මෙම දේශනය පැවැත්වෙයි. ⁣මීට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. මෙම වැඩසටහන සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය…

    Read More

    ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට වසර 10යි

    මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ වඩාත් ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුවී අදට (27) වසර 10 කි. 2015 පෙබරවාරි 27 දින පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 1,000කින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ වන විට මේ හා සමාන ණය උපකරණ වෙනුවෙන් බැඳුම්කර වෙළෙඳපොළේ තීරණය වී තිබුණු පොළී අනුපාතිකය 9.50%ක් පමණ විය. කෙසේවෙතත්…

    Read More

    මෙරට වරාය සහ ඩිජිටල්කරණය වෙනුවෙන් ජපන් ආයෝජන

    ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.  ජපාන රජය මෑතකදී ආරම්භ කළ…

    Read More

    පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවූ මුදල් ගැන දැනුම්දීමක්

    පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අයකරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12ක් අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන…

    Read More

    හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ගැන හෙළිදරව්වක්

    හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය. ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය. 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572 2015 සිට 2019…

    Read More

    ගණේමුල්ල සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත්

    කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්ක කර ඊයේ (26) මිනුවන්ගොඩදී සිදුවූ වෙඩිතැබීම ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළකරයි. ඒ අනුව පොලීසිය අනුමාන කරන්නේ කරන්දෙණිය සුද්දා සහ හීනටියන මහේෂ් නම් අපරාධකරුවන් විසින් එය මෙහෙයවා ඇති බවට ය. පාතාල නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබාඝාතනය කළේ පසුගිය 19 වැනිදා…

    Read More

    මහ බැංකුවෙන් දැඩි අවවාදයක්

    මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබේ. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ…

    Read More

    ජල සැපයුම බිඳ වැටිය හැකියි – උස් ප්‍රදේශවලට බවුසර් මඟින් මුර ක්‍රමයට ජලය

    මේ දිනවල පවතින අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.  නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනා ගත් උස්…

    Read More

    ඉරාජ් පොලීසි යයි

    ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකු විසින් සිදුකර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහාය. පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ, දිගින් දිගටම අදාළ පුද්ගලයා විසින් යූටියුබ් හරහා තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බවය. මේ පිළිබඳ වැඩිදුරටත්…

    Read More