Headlines

    Blog

    යුද සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයේ තබාගැනීම ගැන විශේෂ නිවේදනයක්

    යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විදෙස්ගමන් බලපත්‍ර යුද්ධ හමුදාව භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් යුදහමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ. යුද හමුදා මුලස්ථානය මඟින් නිකුත් කර ඇති පරිපාලන නියෝගයක් පිළිබඳව පැතිර යන විවිධ අර්ථකථන සම්බන්ධයෙන් නිවැරදි කරුණු දැක්වීමක් සිදුකරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත. සම්පූර්ණ නිවේදනය පහතින්. – උපුටාගැනීම –මෙය හුදෙක්ම යුද්ධ හමුදාව තුළ අන්තර් පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා…

    Read More

    දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට පියවර රැසක්

    දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ඒ තුළින් දුම්රිය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකියාව පවතින බවය. “මොකක් හරි කියන්න කලින් ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින් ලංකාවේ දුම්රිය වාර…

    Read More

    අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

    හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නිරීක්ෂණය කළේය. ඒ ජනාධිපති කාර්යාලයේදී ය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.

    Read More

    E-Passport ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සූදානම්?

    E-Passport හෙවත් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. ඊට අදාළව අධිකරණය මගින් පනවා තිබු වාරණ නියෝගය මේ වනවිට ඉවත් කර ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට බාධාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නිතීඥ සුනිල් වටගල මහතා සඳහන් කළේය. ඒ අනුව, E-විදේශ…

    Read More

    නවදිල්ලි දුම්රිය ස්ථානයේ තෙරපුමකින් 18ක් මරුට

    ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය මීට හේතුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

    Read More

    රුපියල් ලක්ෂ 25 කොල්ලයට සම්බන්ධ සැකකරුවන් වසරකට පසු අත්අඩංගුවට

    මීට වසරකට පමණ පෙර රත්නපුර කුරුවිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවස මංකොල්ලකා රුපියල් ලක්ෂ 25ක මුදලක් රැගෙන පළා ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලීසිය සමත්ව තිබේ. පසුගිය 2023 වසරේ නොවැම්බර් මස 22 වැනි දින අලුයම් කාලයේදී අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට වෑන් රථයකින් පැමිණි සැකකරුවන් මැණික් ගලක් විකීණීමට බව පවවා නිවසට ඇතුළු…

    Read More

    උද්ධමනය යළි ඉහළ යනු ඇති බවට මහ බැංකුවෙන් අනාවරණයක්

    පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල වශයෙන් පිටත්ව යාම සහ වෘත්තිකයින් සංක්‍රමණය වීම හේතුවෙන් පළපුරුදු පිරිස් අහිමි වීම හරහා ව්‍යාපාරවල ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම තුළ එය ඵලදායීතාවයේ අඛණ්ඩ පහත වැටීමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව…

    Read More

    එක මිටට, ගොවි බිමට ප්‍රදේශ කිහිපයකදී ඇරඹෙයි

    මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වා ගැනීම ඇතුළු කරුණු අරමුණු කරගත් ”එක මිටට, ගොවි බිමට” වැඩසටහන දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඊයේ (15) ආරම්භ විය.  දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මකයි. එක මිටට ගොවි බිමට ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩසටහන ඊ් යෙල්ගහවෙලදී ආරම්භ වූයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙනි. ආහාර…

    Read More

    රුපියල් කෝටි 36ක හෂීස් සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    රුපියල් කෝටි 36ක් පමණ වටිනා “හෂීස් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ ඊයේ රාත්‍රී මෙරටට පැමිණි අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව “අද දෙරණ ගුවන්තොටුපොළ” වාර්තාකරු පැවසීය. රේගු මත්ද්‍රව්‍ය පාලන…

    Read More

    අද කාලගුණය

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (16) වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය. දිවයිනේ තැනින් තැන උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    Read More