Headlines

    Blog

    හිරුණිකාට වරෙන්තු

    2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී…

    Read More

    ‘ඇල්ල ඔඩිසි නානුඔය’ අද සිට 

    “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක් අද (10) නානුඔය සිට බදුල්ල දුම්රිය ස්ථානය  තෙක් ආරම්භ වේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ අධික ඉල්ලීම මත මෙම නව දුම්රිය ගමන ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය. මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සැම පෙරවරු 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන අතර පස්වරු 01.00ට…

    Read More

    මාරක බස් අනතුරක් – සිව්දෙනෙක් මරුට

    දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය….

    Read More

    කාලගුණය ගැන අලුත්ම නිවේදනය

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    Read More

    සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

    වහල මස සවිකර ඇති සූර්ය පද්ධති ඇති පිරිසගෙන් විදුලිබල අමාත්‍යංශය විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සිය සූර්ය පැනල ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කරන ලෙසය එම අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

    Read More

    විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා

    දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා  ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලය සිය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි. විදුලි බිඳවැටීම හේතුවෙන් පොම්පාගාරවල සිට ජලය බෙදාහැරීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය. පවතින තත්ත්වය තුළ…

    Read More

    ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය පමා වෙයි

    පෙබරවාරි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය සඳහා මෙතෙක් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත ලබාදී ඇති බවය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අනුව මාසිකව මෙරට ගෑස් මිල සංශෝධනය සිදුකරන අතර එය සෑම මසකම 4…

    Read More

    දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න

    ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක්, දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට හේතු වී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. එම තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අමාත්‍යංශය සඳහන් කළේය. පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇතිවූ එම ගැටලුවත් සමග ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම බිඳ…

    Read More

    උමා ඔයෙන් අසරණ වූවන්ට සහන දෙන්න කැබිනට් අනු කමිටුවක්

    උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබා දීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මීට අමතරව එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය යොමු කිරීමටත් තීරණය ඛල බව ද අමාත්‍යවරයා පැවසීය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම…

    Read More

    රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

    2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේ දී 17.5%ක කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර පසුගිය 2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ…

    Read More