Headlines

    Blog

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ අවසන් කටයුතු අද

    අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය. කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන වියෙහි පසුවුණි. මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වනදාය. අරගලකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය…

    Read More

    තවත් බිහිසුණු බස් අනතුරක් – 14ක් රෝහලට

    අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි. බස් රථයේ…

    Read More

    නාවික හමුදා සහන කණ්ඩායම් 50ක් සීරුවෙන්

    අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය හා බුද්ධංගල ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් මේ වනවිට ස්ථානගත කර තිබෙන බව නාවික හමුදාව පවසයි. මෙම කටයුතු ඉකුත් 15වනදා ආරම්භ කෙරුණු අතර, ඒ අනුව එම සහන කණ්ඩායම් බුද්ධංගල ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ දැනටමත්…

    Read More

    මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරා කුලිය ලක්ෂ 46යි – ජනපති

    ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළුතර, කටුකුරුන්ද වෙට්ටුමකඩ පාකිස්ථාන් ක්‍රීඩා පිටියේ පැවති සුහද හමුවකට අද පස්වරුවේ එක්විය. “අපි නොවැම්බර් මාසේ 21 වනදා දිවුරුම් දුන්නා…

    Read More

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

    නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහල ප්‍රදේශවලට නොකඩවා ඇදහැලෙන වර්ෂාපතය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. රතු වර්ණයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින්…

    Read More

    නැගෙනහිරට සහ ඌවට අදත් මි.මී 150 ඉක්මවූ වැසි

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවය. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය. …

    Read More

    ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

    පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙම සැකකරුවන් අතරට මාලදිවයින් ජාතිකයකුද ඇතුළත් වේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන…

    Read More

    ගාසා සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

    ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇත. මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය ප්‍රධාන අමාත්‍ය මණ්ඩල රැස්වීම අනතුරුව අද පස්වරුවේ තීරණය කිරීමට නියමිත අතර, ඉරිදා වන විට පළමු ප්‍රාණඇපකරුවන් පිරිස මුදාහැරීමට නියමිත බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

    Read More

    අමෙරිකාවේ TikTok තහනම් කිරීමට නියෝග

    එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදවුම තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුවය. ලොවපුරා අතිශයින් ප්‍රචලිත ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් වේ. 2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස…

    Read More

    ක්ලීන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විවාදය ලබන සතියේ

    පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වී ඇත. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ. මේ අනුව ජනවාරි 21 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා…

    Read More