Headlines

    Blog

    පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්

    Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත…

    Read More

    ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම 8 වැනිදායින් නැවත ඇරඹෙයි

    මතභේදයට තුඩුදුන් මෙවර 5 ශ්‍රේණිය  ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු යළි ආරම්භ කරන බවය.

    Read More

    2036 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් ඇරඹුණු  ”ලයන් වෝරියර්ස්”

    2036 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමේ දස අවුරුදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කණ්ඩායමක් පසුගියදා වැඩසටහනක් ආරම්භ කළේය.  මෙය නම්කර ඇත්තේ, ”ලයන් වෝරියර්ස්” නමිනි.  ලොව බොහෝ රටවල් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් පදක්කම් දිනාගැනීම වෙනුවෙන් දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන අතර, ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා,…

    Read More

    අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනෙට්ටුවට

    අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එළැඹෙන හෙට (06) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවය. මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව…

    Read More

    එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වැසෙයි

    පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වසාදමා තිබේ. මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට මැන්චෙස්ටර්, ලිවර්පූල් සහ බර්මින්හැම් ගුවන්තොටුපොළ අයත්ය. එරට පළාත් රැසකට මේ දිනවල අධික හිමපතනය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, රටපුරා ස්ථාන රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 11ක මට්ටමේ පවතින බව වාර්තා වෙයි. මේ අතර එක්සත් රාජධානියට අයත් එංගලන්තය,…

    Read More

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව අද (5) පස්වරුවේ මාධ්‍ය වෙන නිවේදනයක් යොමුකරමින් මේ බව දන්වා සිටියේය. ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන…

    Read More

    බස් රථවලින් වැඩි මුදල් ගන්න වේලාසටහන්කරුවන්ට වැඩ වරදියි 

    පෞද්ගලික බස්රථ වලින් වේලාසටහන්කරුවන් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පියවර ගෙන ඇත. වේලාසටහන්කරුවන් හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා අතර ඊයේ (03) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව සභාපතිවරයා මේ බව පවසා ඇත. වේලාසටහන්කරුවන් පෞද්ගලික බස්රථ වලින් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් බස්රථ සංගම් දැඩි අප්‍රසාදය පළකරයි. මේ සම්බන්ධයෙන්…

    Read More

    ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවෙයි

    ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙයි. මේ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වෙයි.  12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක්…

    Read More

    චීනයේ පැතිරෙන වෛරසයේ අලුත්ම තත්ත්වය

    චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබේ. චීනය පවසන්නේ එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි. ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය කරුණක් බවත්, මෙවර ශීත සමයේ දී එහි යම් අවම වීමක් දක්නට ඇති බවත් චීනය පවසයි. එමෙන්ම චීනයට සංචාරය…

    Read More

    සූරියප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද

    අභාවප්‍රාප්ත ආචාර්ය ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද (5) බොරැල්ල පොදු සුසාන භූමියේ සිදුකිරීමට නියමිතව ඇත. ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ. සූරියප්පෙරුම මහතා පසුගිය 2වනදා අභාවප්‍රාප්ත වූ අතර, මිය යනවිට 96 වියේ පසුවිය.

    Read More