Headlines

    Blog

    කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට අයදුම්පත් කැඳවයි

    කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ ක්ෂේත්‍ර ගණනාවකට අදාළව පිළිගත් දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ටත්වය ඇති තැනැත්තන් අතුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයදුම්පත් කැඳවා ඇති බවය. ඒ අනුව www.parliament.lk පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ක්ෂණික සබැඳි යටතේ ‘කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම’ නමින් පළ…

    Read More

    හිටපු CCD අධ්‍යක්ෂ නෙවිල් ට ඇප

    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාට ඇප නියම ව තිබේ. අද (30) රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයයේදී මීට අදාළ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව රත්නපුර මහෙස්ත්‍රාත් සමන් ඩි. කේ. බරණලියනගේ මහතා විසින් මෙම ඇප නියම කර තිබේ. රුපියල් පනස්දහසක ඇප මුදලක් සහ ලක්ෂ පනහ බැගින්…

    Read More

    ජනාධිපති අරමුදල නව වසරේ සිට නව නිවහනකට

    ජනාධිපති අරමුදල නව ස්ථානයකට ගෙන යාම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය  එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 01 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය බවය. ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාල…

    Read More

    යල කන්නයේ වගා හානි වන්දි මුදල් ගැන දැනුම්දීමක්

    2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වූ වගා හානිවලට අදාළව සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා තිබේ. කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මෙහිදී 2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් කාලය දක්වාම යල කන්නයට අදාළව විවිධ…

    Read More

    මනෝජ් ගමගේ හිටපු ජනපති මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුරට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ. එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙත භාරදී ඇත. ඒ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දීය.

    Read More

    මහෙස්ත්‍රාත් තිළිණ ගමගේගෙන් අධිකරණ සේවා කොමිසමට ලිපියක්

    කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම තිළිණ ගමගේ මහතා විසින් ලිඛිතව යොමු කර ඇති බව “අද දෙරණ අධිකරණ වාර්තාකරු” සඳහන් කළේය.  එම ලිපියේ දැක්වෙන්නේ, අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව වෙනත් අධිකරණයට මාරු…

    Read More

    ජාතික නිදහස් දින උත්සවය ගැන රජය ගත් තීරණය

    77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව පැවැත්විය යුතු බවය. නමුත් රටේ ආර්ථිකය බිඳ වැටුණු මට්ටමක පවතින බැවින් අදාළ උත්සවය අඩු වියදමින් පැවැත්වීමට…

    Read More

    බන්ධනාගාරවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට ජනපතිගෙන් උපදෙස්

    බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.  ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය…

    Read More

    සංචාරකයන් දුෂ්කරතාවට පත්කරන ගැටලු රැසක්

    මේ වසරේ මිලියන දෙක ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතත් පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් සංචාරකයින් අසීරුතාවට පත්වන ආකාරයේ සිදුවීම් සංචාරක කලාප කිහිපයකින්ම වාර්තා වෙයි. මෙරටට තුන් වැනි වැඩිම විදේශ විනිමය උපයා දෙන ක්ෂේත්‍රය වන්නේ සංචාරක කර්මාන්තයයි. 2024 වසරේ සංචාරක ඉලක්කය වූ මිලියන දෙක ඉක්මවමින් විදෙස් සංචාරකයින් මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව…

    Read More

    පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රු 6,000 දීමනාව අස්වැසුම ගිණුමට

    පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාවපසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත. ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති…

    Read More