සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි. පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.