Headlines

    Blog

    ගියවරට සාපේක්ෂව සජිත්ගේ මනාප ගණන අඩුවෙයි

    එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ පවත්වා තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වී ඇති බව සදහන් වේ. මෙහිදී ඉදිරි මැතිවරණ වල දී එක්සත් ජාතික පක්ෂය අලියා…

    Read More

    ගියවරට සාපේක්ෂව සජිත්ගේ මනාප ගණන අඩුවෙයි

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ගියවර පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව සැලකිය යුතු අයුරින් පහත වැටී තිබේ. එහිදී 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 305,744 ක් ලබා ගැනීමට සමත් විය. නමුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ…

    Read More

    විදෙස් නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව කොමිසමට භාර දෙයි

    මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබේ. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔවුන් අදාළ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව සඳහන් වේ. මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් විදෙස් නිරීක්ෂකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබුණි. ඒ අනුව…

    Read More

    ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ධූරය තරුණියකට

    අමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධූරය සඳහා 27 හැවිරිදි කැරොලින් ලීවිට් පත් කර තිබේ. ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධූරයට පත් කළ ළාබාලම කාන්තාව ඇයවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දක්ෂ සන්නිවේදන හැකියාවක් සහිත කැරොලීන් දැඩි කැපවීමකින් ධුරයේ කටයුතු සිදුකරනු ඇති බවට තමා අපේක්ෂා…

    Read More

    වාර්තා අලුත් කළ මාලිමාවේ ජයග්‍රහණය

    24 මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරනු ලැබීය. ඒ අනුව පක්ෂයක් මෙරට ඉතිහාසයේ මහමැතිවරණයකදි ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 6,863,186ක් ලබාගැනීමට ජාතික ජන බලවේගයට සමත් විය. ඒ මීට පෙර මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද 6,853,690 වාර්තාව බිඳ දමමිනි. මහමැතිවරණයකදි පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය ද…

    Read More

    අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

    මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ඉකුත් ඔක්තෝම්බර් 10 වනදා දිවුරුම් දී තිබුණි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියකි. 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වී ඇති අතර 1997 වසරේදී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ…

    Read More

    මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී

    හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. ඔහු එහිදී පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බවය. ඒ නිසා තමන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. “මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තීන්දුවට මම හිස නමනවා. ඒ අනුව දේශපාලනයෙන්…

    Read More

    නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට 

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය. එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා, “මේ ජනවරම අපි පිළිගන්නවා. අපිට දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ධුර 02ක් සහ…

    Read More

    නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැනුම්දීමක්

    10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙතන බව පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය…

    Read More

    නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ වැඩමුළුවක්

    10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කෙරෙයි. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට හෙට සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය. අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන ඇත. මේ අතර තේරී…

    Read More