Hot News

  • මරණ සියයට 70කට හේතුව අධි රුධිර පීඩනය
    මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් සියයට 34.8ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවය. ඒ…
  • දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කිරීමේ වැඩපිළිවෙළක්
    දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස්රථ විශේෂ පරීක්ෂාව සිදුකරන බවය. රාත්‍රී කාලයේදී දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කර බීමත්ව රිය…
  • තවත් බස් අනතුරක්
    අම්පාර – මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබුණි. අද (14) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙයි. මෙම අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බව අප කළ විමසීමකදී මහියංගනය පොලීසිය පැවසීය.
  • පළාත් කිහිපයකට අදත් වැසි
    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව…
  • රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල් කිරීමට අවධානය
    මෙරට පවතින රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කර මෙරට ජනතාවට කෙටි කාලයක් තුළ ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළින් රෝගීභාවයට පත්වන පුරවැසියාට ලබා දිය හැකි ඉහළම සත්කාරය, පිළිගැනීම, රෝහල තුළින් ලබා දීම මෙන්ම පුරවැසියාට සුවපහසු සමීප තැනක් බවට රෝහල…
  • දෙදින නිල සංචාරය නිම කෙරූ ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත් වෙයි
    දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගියේය. තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිත අතර ඒ සඳහා ඒ මහතා අනුරාධපුර සංචාරය නිම කිරීමෙන් අනතුරුව තමිල්නාඩුව බලා පිටත්ව ගියේය. සිය පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ සටනක් යොමු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පියවර…
  • දකුණු ගාසා තීරයේ සිදුවූ වෙඩි ප්‍රහාරයේ අත්වැරැද්ද ඊශ්‍රායලය පිළිගනියි
    දකුණු ගාසා තීරයේ වෛද්‍ය වෘත්තිකයින් ඇතුළු හදිසි සේවකයින් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධව ඊශ්‍රායලය සිය වරද පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එම ප්‍රහාරය සම්බන්ධව සිය සොල්දාදුවන් වැරදි සිදුකර ඇතැයි ඊශ්‍රායල හමුදාව පිළිගෙන ඇති බවය. පලස්තීන රතු අඩසඳ සංගමයට අයත් ගිලන් රථ පෙළට පසුගිය 23 වැනි දින දකුණු ගාසා තීරයේදී ඊශ්‍රායල…
  • ඉන්දීය අගමැති අතින් මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත වෙයි
    මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය  නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතින් අද (06) පෙරවරුවේ සිදු කෙරිණි.  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “ සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක් ” යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති…
  • සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්
    රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. ඒ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අමාත්‍යංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි. සියලුම රාජ්‍ය…
  • මීගමුව රෝහලේදී අතවරයට පත් තරුණිය පරීක්ෂා කිරීමට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්
    මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. පසුගිය මස 31 වැනි දින අදාළ තරුණිය දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇගේ මව සමග මීගමුව මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් ඇයව ලිංගිත අතවරයට ලක්…