Headlines

    හරියට පාලනය වුනේ නැහැ දැන් වසංගතයේ 4 වැනි අවධියට

    කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්.  කැදවුම්කරු, ගුණදාස අමරසේකර, ජනපතිවරයාට ලිපියක් ලියා ඇත. එහිදී මෙවර රැල්ල පාලනය කිරීමට අසමත්වූ බවට චෝදනා කර ඇති අතර වසංගතයේ 4 වැනි අවධියට ලඟා වෙමින් තිබේද  යන ගැටලුව මතුකර ඇත. එම ලිපිය පහත පරිදිය… කොවිඞ් වසංගත තත්වයේ දෙවැනි රැල්ල ආරම්භ වීම…

    Read More

    පැරිස් ඔලිම්පික් උළෙලේදී ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ තරුණයෙකු, ප්‍රංශ ආරක්ෂ අංශ අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සති කිහිපයකින් ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළ 18 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ ආරක්ෂක අංශ කටයුතු කර ඇත. ඒ, ප්‍රංශයේ සොන්ත්…

    Read More

    ගෝලීය අවශ්‍යතා පරිදි අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සකස් කළ යුතුයි – ජනපති

    ගෝලීය අවශ්‍යතා නිසිපරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් වියයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.  ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට…

    Read More

    උතුරු මැද 11 ශ්‍රේණියේ විභාගය යළි ඇරඹෙයි

    උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි. ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අවලංගු කර තිබුණි. ඒ අනුව රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ…

    Read More

    වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

    වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් වාහන මිල දී ගැනීම හෝ ඒවා විකිණීම සම්බන්ධයෙන් කලබල විය නොමැති බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේය. “මේක දැන් ගෙන්වීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද අපි දැන් වාහනයක් නැතුව අවුරුදු 4ක්…

    Read More

    විභාග රාජකාරි දීමනා අඩුකර ඇති බවට ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක් 

    විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා විධිමත්ව ගෙවන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ විභාග කොමසාරිස් වරයා ඊයේ (08) නිකුත්කර ඇති චක්‍රලේඛයක් මගින් ප්‍රවාහන දීමනා සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති ඇති බවයි.  “මේ දිනවල උසස් පෙළ විභාගය සිදු කෙරෙමින් පවතිනවා….

    Read More

    සජබයේ කොළඹ පුරපති අපේක්ෂක නම් කෙරේ

    සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා පත්කර ඇත. ඒ මහතාව පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය පවසා සිටියේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරීම බවයි. එම ගමන උදෙසා හනීෆා මහතාව ඉදිරිපත් කරන බවයි. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා…

    Read More

    ජනපති සහ පොලිස් කොමිසම අතර සාකච්ඡාවක්

    ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ. පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව සඳහන්ය. පොලිසීයේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදුකිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර…

    Read More

    ව්‍යාජ රට රැකියා ජාවාරමක්

    ‍ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට මුදල් ගෙවන ලෙස ලබාදෙන ඇමතුම්වලට සිය කාර්යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමීණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, මුදල් ගෙවා ඇති ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින් කිසිවෙකු යළිත් මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවය. යම් පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් රුපියල් 14,700ක මුදලක් ගෙවන…

    Read More

    හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

    හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන නමුත් අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවය.  මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. “ජනාධිපතිවරුන්ගේ ගෙවල් ඉවත් කරනවාලු. මට ප්‍රශ්නයක් නෑ. මම…

    Read More