Headlines

    පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

    හෙට (19) පෙරවරු 8.30 සිට පැය 16ක් පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කොටසට ‍මෙලෙස ජල සැපයුම අත්හටුවන බවයි.

    Read More

    ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදයෙන් ගැටලු රැසක්?

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අධ්‍යාපන බලධාරීන් කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමු කර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බවය. ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් පාසල්…

    Read More

    වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න’ මාමා ඉල්ලයි

    මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න යනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටියි. පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය. පසුගියදා කොළඹ, මාළිගාවත්ත නිවාස…

    Read More

    හෙට සිට ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක්

    ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. මෙම සහනාධාර හෙට (22) සිට ක්‍රියාත්මක ය.

    Read More

    ඉදිරි දින කිහිපයේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි

    ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙළිදරව්වක් සිදුකර තිබේ. ඒ ඊයේ (16) ‘ටීවි දෙරණ’ ඔස්සේ විකාශය වූ 360 විශේෂ වැඩසටහනට එක්වෙමිනි.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා, “නිශ්චිතවම මේ මැතිවරණ ව්‍යාපාරයේ අපේ අරමුණ වුණේ බලය ලබාගැනීම. ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. ඉදිරිදින දෙකේ…

    Read More

    නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

    ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්  තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පැවසීය. ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර…

    Read More

    කළු, නිල්වලා, ගිං, මහා ගංවතුර තත්ත්වය

    ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. අද දහවල් 12ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තවලම ප්‍රදේශයෙන් ගිං ගඟේ ජල මට්ටම මීටර් 8.35ක අගයක් ගෙන ඇති බවය. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගිං ගඟේ ජල මට්ටම ද තවදුරටත් වැඩිවෙමින් පවතින බවය. එසේම ගිං ගඟේ ජල මට්ටම අද දහවල් 12 වනවිට බද්දේගම…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-19) – ඊයේ ආසාදිතයින් 313 යි මරණ 01 යි

    අද දින (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 313 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 11 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 302 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (18) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීමක්

    පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ…

    Read More

    වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි

    වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි. කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය…

    Read More