Headlines

    සත්වෝද්‍යාන පළමුවෙනිදා සිට මහජනතාවට විවෘත කරයි.

    දෙහිවල, පින්නවල හා රිදියගම සත්වෝද්‍යාන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පළමු වෙනිදා සිට විවෘත කර ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. මෙම සත්වෝද්‍යාන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙයට මාසයකට පමණ පෙර සිට වසා දමා තිබූ අතර සතුන් ජනතාවගෙන් හැකිතාක් දුරට ඇත්කර සෞඛ්‍ය උපදේශවලට අනුකූලව සත්වෝද්‍යාන විවෘත කර ඇතිබව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා…

    Read More

    මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ…

    Read More

    රටම දන්න බන්ධනාගාරයට සුපිරි හෝටලයක්

    බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු සංකීරණයක්, කෞතුකාගාරයක් සහ සංචාරක හෝටලයක් ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත අතර වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එම කටයුතු සිදුකෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ…

    Read More

    දකුණු කොරියානු ජනපති පුටුව රැකගනී

    දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව විපක්ෂය ගෙනආ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණි. දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා රාත්‍රීයේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමිනි. දෝෂාභියෝගයට අදාළ ඡන්ද විමසීම එරට වේලාවෙන් අද පස්වරුවේ පැවැත්වුණි. දෝෂාභියෝගය සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන්…

    Read More

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි නඩුවක් කල්යයි

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පිළිතුරු දේශනය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.  2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා…

    Read More

    ජෝ රූට් අංක එක වෙයි

    ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම අනූව පළමු ස්ථානයට පත්වීමට එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත්වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත්කළ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ රූට් පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 872ක් ලබා ගනිමිනි. දෙවැනි ස්ථානයේ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් පසුවෙයි. ඒ ලකුණු 859ක් සමගිනි.

    Read More

    විවාහවන වයස පොදු වයස් සීමාවකට ගෙන ඒමේ යෝජනාවක්

    ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මූලිකත්වයෙන් ‌පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු…

    Read More

    දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි..

    කොවිඩ් – 19 සංගත තත්ත්වය හේතුවෙන්, පසුගිය 26 වැනිදා සිට වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (05) යළි විවෘත කෙරුණි. ඒ අනුව අලුයම 5.00 සිට පස්වරු 5.00 දක්වා අද(05) සිට එය විවෘතව තැබෙන බව, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේය. මේ අතර ආර්ථික මධ්‍යස්ථානය වෙත අද (05) සහ හෙට (06)…

    Read More

    සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

    ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය. ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

    Read More

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

    දේශීය ආදායම් නිලධාරින් ‍ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.  එලෙස මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ සිද්ධීන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්…

    Read More