නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකරමින් සිටී. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ. 1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු…