Headlines

    දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩබැලීමට එස්.එස් මුදලිගේ පත් කෙරේ

    පුරප්පාඩු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ මහතා පත්කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා පසුගියදා හදිසියේ අභවප්‍රාප්ත වී තිබුණි. ඒ අනුව පුරප්පාඩුව පවතින එම තනතුර සඳහා සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තෙක් එහි රාජකාරී ආවරණය කිරීම…

    Read More

    ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කෙරේ

    ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් ඉදිරිපත්ව…

    Read More

    රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරුම අද

    මෙරට දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31වන ගුණ සැමරුම අදට (01) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ උසාවිය අසල ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්වුණි. 1993 වසරේ මැයි 01 වනදා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානකර තිබූ මැයි දින ‍පෙළපාළියට එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස…

    Read More

    අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

    මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය  සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම්…

    Read More

    හිටපු ජනපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.  කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි. එම කමිටුවේ සාමාජිකයින් වන්නේ,  විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා (සභාපති)විශ්‍රාමික අමාත්‍යාංශ…

    Read More

    නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත. නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන්…

    Read More

    කොටස් වෙළෙඳපොළේ ලොකු වෙනසක්

    කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ ගිය අතර, දිනය නිමාවෙන විට මුළු අගය දැක්වූයේ 12,053.49ක් ලෙසය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.

    Read More

    යුපුන් ආබාධයකට ලක්වෙයි

    ස්වීඩනයේ ස්ටොක්හෝම් “ඩයමන්ඩ් ලීග්” තරගාවලියේ මීටර් 100 අවසන් තරගයේදී යුපුන් අබේකෝන් බලාපොරොත්තු නොවූ ආබාධයකට ලක්විය. කෙසේ වෙතත් ඔහු ඊයේ (02) පැවති දෙවැනි කාණ්ඩයේ තරගයේදී තත්පර 10.22ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්ව ජය ගැනීමට සමත්වුණි. 2024 පැරිස් ඔලිම්පික් උළෙලට ආරම්භයට තවත් ඇත්තේ සති 8ක කාලයක් පමණි. පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර…

    Read More
    ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතී – ලෝක බැංකුව

    ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතී – ලෝක බැංකුව

    2022 වර්ෂයේ දි ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතල ආර්ථීක පසුබෑමෙන් පසුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණූ පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවට ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. නමුත්, රට තුල තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටළු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි….

    Read More

    E-8 රැකියා ලබා දෙන පවසා රුපියල් මිලියන 03ක් වංචා කළ සැකකරු අල්ලයි 

    දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 03කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති අතර ඔහු අධිකරණ නියෝග පැහැර හරිමින් සිටින පුද්ගලයෙකු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. E-7 සහ E-8 කාණ්ඩය යටතේ රැකියා…

    Read More