Headlines

    ඉන්කාවරුන්ගේ මතකය අලුත් කරමින් නව Chancay වරාය විවෘත කෙරේ

    චීනය සහ පේරු රාජ්‍යය විසින් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සංකේතවත් කරමින් ඉදි කළ Chancay වරාය ව්‍යාපෘතිය විවෘත කර තිබේ. මීට වසර 500කට පමණ පෙර පේරු හී මුතුන් මිත්තන් වන ඉන්කාවරුන් විසින් ඇන්ඩීස් කඳු ආශ්‍රිතව එහි උතුරු හා දකුණු කළාප හරහා ඉදිකළ Inca Trail පැරණි මාර්ගයට නව ජීවයක් ලබා දෙමින් මෙම වරාය ඉදි කර තිබේ. මෙම…

    Read More

    පාස්කු ප්‍රහාරය ගැන සභාව කල්තැබීමේ විවාදයක්

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 9.30 සිට 10.30 දක්වා අපරාධ නඩු…

    Read More

    පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් උදෑසන 7 සිට වර්ජනයක – තැපැල් වර්ජනය තවදුරටත්

    රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව අද පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේය. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු…

    Read More

    අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

    දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

    Read More

    ජපානයේ බිහිසුණු අනතුරක්

    ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව තිබේ. ඉෂූ දූපත් ප්‍රදේශ ආශ්‍රිත පැසිෆික් මුහුදේ සබ්මැරීන් නිරීක්ෂණය සම්බන්ධ පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරින් මියගිය එක් හමුදා සාමාජිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර සෙසු පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ජපාන…

    Read More

    ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කරනවා – රනිල්

    ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෑගල්ලේ ඊයේ (14) පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.  “ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පසුගිය සමයේ අස්වැසුම ඇතුළු වැඩසටහන් අප ක්‍රියාත්මක කළා. පොහොර සහනාධාරය ලබා දුන්නා. විශ්‍රාම සහ වැඩිහිටි…

    Read More

    මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයක

    මාලදිවයින ඉතිහාසයේ පළමුවරට එරට ඩොලර් සංචිත පහත වැටීම හේතුවෙන් මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එරට පවතින පරිභෝජනයට ගතහැකි ඩොලර් සංචිත එක් මාසයක ආනයන කටයුතු වෙනුවෙන් හෝ ප්‍රමාණවත් නොවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මාලදිවයින ආර්ථිකය මූලිකව සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ මුහුදු මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය හාරහා කේන්ද්‍රගතව පවතී. කලකදී ලොව සරලම බදු…

    Read More

    සුව සැරියට නව සභාපතිවරයෙක්

    1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පිරිසක් පත් කර තිබේ.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ. ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක මහතාද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා යන මහත්වරුද පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම්…

    Read More

    ජනාධිපතිවරයාගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

    තමන් සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. උපුටා ගැනීම “මෙම ගමනේ දී මා සමග සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුලසිටම මා සමග සිටි අයට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා…

    Read More

    ඊශ්‍රායලය ආරුගම්බේ ප්‍රදේශයට නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කරයි

    ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන් ට නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් එම අනතුරු ඇඟවීමේ මට්ටම හතරේ සිට දෙක දක්වා අඩු කර ඇති බවය. The Times of Israel පුවත්පත වාර්තා කළේ අමෙරිකානු ෆෙඩරල්…

    Read More