Headlines

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට

    මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ. හෙට දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට…

    Read More

    කාර්මික නිෂ්පාදනවල වර්ධනයක්

    කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා සියයට 1.2ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2023 වසරේ අගෝස්තු මාසයේ 90.2ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී 91.3 දක්වා ඉහළ ගොස් ඇති බවය. එහිදී ආහාර නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව…

    Read More

    ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

    2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වේ. එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ…

    Read More

    වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න’ මාමා ඉල්ලයි

    මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න යනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටියි. පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය. පසුගියදා කොළඹ, මාළිගාවත්ත නිවාස…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි – ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී අවධානයෙන්..

    දිවයින අවට ‍වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීම හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී අවධානයෙන් පසු වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් ලබයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි පැය 24 තුළ තවදුරටත් අඩු පීඩන කලාපය එම ප්‍රදේශයේ වර්ධනය වී බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි. ඒ අනුව ඉදිරි…

    Read More

    මෙරටට ගෙන්වූ ඖෂධවල වගකීම නොදරන බවට ලිපියක්

    ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ඔහු පවසන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙනඒම සඳහා අනුබල දුන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාට…

    Read More

    මුඛ ද්‍රාවණ ටෙන්ඩරය ගැන SPCයෙන් පැහැදිලි කිරීමක්

    අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව මගින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කරන්නේ, අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන මාධ්‍ය මගින් පළවූ වාර්තා අසත්‍ය බවය. අදාළ තොරතුරු නිවැරදි කරමින් ඖෂධ නිතිගත සංස්ථාව සඳහන් කරන්නේ, අදාළ ඇණවුම වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදු කරන ලද…

    Read More

    බාර් ලයිසන් වැරදි ක්‍රමයට පිනට දීලා නැහැ – රනිල්ගෙන් නිවේදනයක්

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බවත්, එමගින් රජය රුපියල් බිලියන 3කට වැඩි ආදායමක් උපයා ඇති බවත් ඒ මහතාගේ කාර්යාලය නිවේදනය කරයි. එම නිවේදනය නිකුත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත්කර ඇතැයි එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්ය. එහි අවධාරණය කර…

    Read More

    යුපුන් අබේකෝන් ට තවත් සුපිරි ජයක්

    ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය. ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි.  යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

    Read More

    දැනෙන්න අඩුවෙන ජල ගාස්තුව

    සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය. ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව සඳහන්ය. ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි…

    Read More