Headlines

    සීගිරියේ සංචාරක ගැටලු විසඳීමට සාකච්ඡාවක්

    දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අද (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි. මේ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වී තිබේ. මෙම සාකච්ඡාවේදී ප්‍රවේශ පත්‍ර…

    Read More

    මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව…

    Read More

    ෆාම් ඔයිල් ආනයනය තහනම්..

    මෙරටට ෆාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) දිනයේ දී ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත්තේ, ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දැනට ආනයනය කර ඇති ෆාම් ඔයිල් නිකුත් කිරීම…

    Read More

    සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද

    සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සමරාම්භක වැඩසටහන අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාල මෙහෙයවීමේ ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සහභාගීත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී…

    Read More

    සර්වජන බලයේ කොළඹ පුරපති අපේක්ෂක හසන් අලාල්ඩීන්

    සර්වජන බලය පක්ෂය වෙනුවෙන් හසන් අලාල්ඩීන් මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස තරග වැදීමට නම් කර තිබේ. අලාල්ඩීන් මහතා මීට පෙර සර්වජන බලය විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස මෙන්ම මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කර තිබේ. දෙහිවල ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ පැවති ඉස්ලාම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවයකදී මේ බව ප්‍රකාශයට පත්කර ඇත. මෙම අවස්ථාවට සර්වජන බලය…

    Read More

    ඩිජිටල් ගෙවීම්වල නව යුගයක ඇරඹුම

    රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

    Read More

    අවස්ථාවක් ලැබෙන තුරු ඊශ්‍රායලය බලා සිටී

    ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින බව ඊශ්‍රායලය පවසයි. මැදපෙරදිග කලාපය තුළ දරුණු යුද බියක් මවමින් ඉරානය පළමු වරට ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඒ අනුව ඉරානය විසින් ඉකුත් 13 වනදා සහ ඊයේ (14) අලුයම් කාලයේදී ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබුණි. සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයට…

    Read More

    නායයෑම් ගැන අලුත් අනතුරු ඇඟවීමක්

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අධික වර්ෂාව, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 47 දෙනෙකු පීඩාවට පත්වී ඇති අතර නිවාස 11කට අර්ධ හානි සිදුවී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 04කට හානි සිදුවී ඇති අතර පුද්ගලයින්…

    Read More

    අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට – අදත් ඇතැම් ස්ථානවලට තරමක තද වැසි..

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටින අතර විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි. ඒ අනුව මේ වනවිටත් පුද්ගලයින් 2,689 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවත්, තවත්…

    Read More

    පාර්ලිමේන්තුවේදී මට ගැහුවා – මන්ත්‍රී අර්චුනා

    අද (03) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවය. “මම 2:30ට විතර විපක්ෂ නායක කාර්යාලයට ගියා. මම ඇහුවා කොහොමද මේ ටයිම් එක allocate කරන්නේ කියලා. අද දවසේ මට කිසි දෙයක් සන්නිවේදනය…

    Read More