Headlines

    මැතිවරණ වියදම් විස්තරය ගැන අනාවරණයක්

    ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී වියදම් විස්තර ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු…

    Read More

    ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පි.සත්‍යලිංගම්ට

    ඉලංකෙයි තමිල් අරුසු කච්චිය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා නම් කර තිබේ. පි.සත්‍යලිංගම් මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු කච්චිය නියෝජනය කරමින් තරග කළ අයෙකි.

    Read More

    රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ. හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. අනිද්දා දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය…

    Read More

    තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඒ මහතා මෙලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

    Read More

    ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන දැඩි තීරණයක් ?

    යුරෝපා සංගමය, මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල පිළිබඳව නිල විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනා මතය. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් ඉන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට…

    Read More

    රෝහිතගේ සහාය රනිල්ට

    රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. “රට මේ ඉදිරියට යන ගමන ජනතා විමුක්ති පෙරමුණට මේ රට දෙනවද ? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කථා කරන සජිත්ට…

    Read More

    උසස් පෙළ විභාගය සැලසුම් කළ ලෙසම

    2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම විභාගය කල්දමන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කළත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මස ගත් තීරණයට අනුව උසස් පෙළ විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විටත් අවසන් කර ඇති…

    Read More

    රටේ ආරක්ෂක තත්ත්වය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

    රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි. ඒ, සඳහා ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වෙයි.

    Read More

    ට්‍රම්ප් යටතේ FBI ප්‍රධානී තනතුර කාෂ් පටෙිල් ට

    තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජය යටතේ  FBI සංවිධානය එනම් අමෙරිකාවේ ආරක්ෂාව සම්බන්ධව  ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී තනතුරට ඉන්දීය සම්භවයක් ඇති කාෂ් පටෙිල්  එනම් කාශ්‍යප් ප්‍රමෝද් පටෙිල් නම් කිරීමට කටයුතු කර තිබුණි. පටෙිල් ප්‍රකටව ඇත්තේ උග්‍ර ට්‍රම්ප් හිතවාදියෙක් ලෙසය. පටෙිල්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුරකාලයේදීත් එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම ජාතික ආරක්ෂක ලේකම්වරයා…

    Read More

    රුපියල් කෝටි 28ක් සමග කොටුවු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

    මෙතෙක් ඉතිහාසයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල ලෙස රුපියල් කෝටි 28ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව තිබේ. ජාවාරම්කරු බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිඳිමින් ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. එම සෝදිසියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ්…

    Read More