Headlines

    රේගු නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

    සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අද (04) සහ හෙට (05) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි. අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙන ඒමත් රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සං‍ශෝධනය කිරීමටත් බලධාරීන් පියවර ගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ…

    Read More

    මිලිමීටර් 150ක තද වැස්සක් ගැන අනතුරු ඇඟවීමක්

    ඉදිරි පැය 24ක කාලය සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (17) පස්වරු 1.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී….

    Read More

    රුසියාවෙන් යුක්‍රේනයට තවත් දරුණු ප්‍රහාරයක්

    යුක්‍රේනයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මියගොස් 180ක් කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේඑම ප්‍රහාරය යුක්‍රේනයේ පොල්ටාවා නගරයට එල්ලවී තිබෙන බවය.

    Read More
    විමල් නිදොස්කොට නිදහස්

    විමල් නිදොස්කොට නිදහස්

    ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) දින ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ. ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්තාවේ දීය.  විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේ ඔක්තෝබර් මස 23 දින අක්‍රීය ගමන් බලපත්‍රයක් රැගෙන…

    Read More

    ගාල්ලේ සංචාරක කර්මාන්තයට ගවයන් හා සුනඛයන්ගෙන් බලපෑම්

    ගාල්ලට පැමිණෙන විදෙස් සංචාරකයින්, ගාල්ල කොටුවේ සහ නගරයේ අයාලේ සැරිසරන ගවයින් සහ සුනඛයින් නිසා දැඩි අපහසුතාවට පත්වන බව ජනතාව පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක් පෙන්නුම් කරන අවස්ථාවක මෙවැනි ගැටලුවලට කඩිනම් විසඳුම් සැපයීමට බලධාරීන් පියවර ගත යුතු බවය. සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2024 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,682,482කි. නොවැම්බර් මාසයේ…

    Read More

    මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය පසුකරයි – ඊයේ ආසාදිතයින් 354 යි මරණ 01 යි..

    අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 342 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ඉරාන න්‍යෂ්ටික අර්බුදයට ප්‍රබලයින් දෙදෙනෙක් මැදිහත් වෙයි

    චීන ජනාධිපති ෂී ජින් පිං ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක්  පැරිස් නුවර Élysée මාලිගයේදී  පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශය සමග උපායමාර්ගික අදහස් හුවමාරුව අඛණ්ඩව පවත්වා ගනිමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව එහිදී ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර තිබේ.  ප්‍රංශය සමග ද්විපාර්ශ්වීය වෙළෙඳාම ධනාත්මක හා සමබරව වර්ධනය…

    Read More

    (PET) ප්ලාස්ටික් බෝතල් මඟින් ජනතාවට මුදල් ඉපැයීමට අවස්ථාවක්

     මධ්‍යම පළාත් සභාවේ එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණ නව ව්‍යාපෘතියක් ආරම්භකර ඇත. ඒ අනුව සොලිඩේට් පුද්ගලික ආයතනයේ සම්බන්ධීකරණය යටතේ විදේශීය ආයතනයන්ගේද සහයෝගය මත ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතන, පාසැල් සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගනිමින් ඉවතලන PET බෝතල් බේල් මැෂින් මගින් සකස් කර නැවත ව්‍යාපෘති…

    Read More

    දේශබන්දු අද විමර්ශන කමිටුවට

    දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබීය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින…

    Read More

    අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

    අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

    Read More