Headlines

    හොර පාරෙන් රට පනින්න හැදූ 20 කට වැඩ වරදී..

    නීතිවිරෝධීව ලෙස මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ. නාවික හමුදාව ප්‍රකාශ කළේ, සිලාවතුර කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවටගත් බවයි. මෙහිදී අත්අඩංගුවටගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 14 ක්, වයස අවුරුදු 13 ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු…

    Read More

    පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi භාවිතය ගැන ජනතාවට දැනුම් දීමක්

    පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ එවැනි ස්ථානවල වයිෆයි භාවිතා කිරීමේ දී පෞද්ගලික තොරතුරු සොරාගැනීම සම්බන්ධයෙන් වන පැමිණිලි රැසක් සිය සංසදය වෙත ලැබී ඇති බවය. එබැවින් පොදු ස්ථානවල දී නොමිලේ ලබාදෙන…

    Read More

    ආගමන හා විගමන පාලක අධිකරණයට රැගෙන එයි

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. විද්‍යුත් විසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්  ආගමන හා…

    Read More

    රුමේනියානු රැකියා වීසාවලට ඇතිවන ප්‍රමාදය වැළැක්වීමට සාකච්ඡාවක්

    රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදි ඇතිවන අධික ප්‍රමාදය වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා විදේශ සේවා කාර්යාංශයේදී පැවැත්විණි. ඒ  විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් වන අතර රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙය පවත්වන ලදි. රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන…

    Read More

    ලෝක සාගර දිනය අදයි..

    ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ “සාගර ජීවිතය සහ ජීවනෝපාය” යන්නයි. මේ මුළු පෘථිවි ගෝලයෙන් ගොඩබිමට හිමි වන්නේ 29% ක් වැනි ඉතා කුඩා ප්‍රමාථයක් වන අතර අනෙක් 71 % ආධිපත්‍ය ජල ගෝලයට හිමිව තිබේ. නමුත් එතරම් ජලයක් මේ පෘථිවි තලය මත තිබුණත් මිනිස් පරිභෝජනයටගත හැක්කේ 0.3% ක් තරම් අඩු…

    Read More

    මිනිසුන් සෑදෙන තවත් වෛරසයක් පිළිබඳ රුසියාව විසින් අනාවරණය කරයි .

    කුරුළු උණ රෝගයක් වන H5N8 කුකුළු මස් වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ පළමු අවස්ථාව රුසියාව විසින් වාර්තා කර තිබේ. ඒ අනුව H5N8 වෛරසය කුකුළු මස් වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය බව පළමුවරට රුසියාව විසින් වාර්තා කර තිබේ. ගිය වසරේ දෙසැම්බරයේ රුසියාවේ දකුණු දිග කුකුළු කම්හලක සේවකයින් 7 දෙනෙකු එම වෛරසය ආසාදනය වී ඇති බව රුසියාව විසින් තහවුරු කර…

    Read More

    යුක්‍රේන යුද්ධයට මැදි වූ ඩොනල්ඩ් ට්‍රම්ප්

    යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේන ජනාධිපතිවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉදිරි දිනකදී තමා රුසියානු ජනාධිපති…

    Read More

    ගොවියා වෙනුවෙන් නාමල් ඉදිරියට

    ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිය රජයක් තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. කලවාන ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. “අපේ ප්‍රතිපත්ති තියෙන්නේ මේ රටේ ගොවියා ශක්තිමත් කරන්නත්, ධීවරයා ශක්තිමත් කරන්නත්, ව්‍යවසායකයා ශක්තිමත් කරන්නත් මිසක් වෙන ව්‍යාපාරිකයෝ…

    Read More

    මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ

    පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය….

    Read More

    පොලිස් නිල වෙබ් අඩවියෙන් සේවා රැසක්

    ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදැක්වීය. ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ය. ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකි වන අතර,…

    Read More