Headlines

    ඩිජිටල් ගෙවීම්වල නව යුගයක ඇරඹුම

    රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

    Read More

    යල කන්නයේ වගා හානි වන්දි මුදල් ගැන දැනුම්දීමක්

    2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වූ වගා හානිවලට අදාළව සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා තිබේ. කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මෙහිදී 2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් කාලය දක්වාම යල කන්නයට අදාළව විවිධ…

    Read More

    කොරෝනා මරණ මිලියන 3 ඉක්මවයි..

    ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ මිලියන 3 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2019 දී චීනයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ව්‍යසනය මේ වනවිට මිලියන 140 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. WHO ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් (Dr Tedros Adhanom Ghebreyesus ) අනතුරු අඟවන්නේ කොරෝනා ආසාදිතයින් හා මරණ…

    Read More

    අද මිත්‍යාවෙන් ඉවත්වී විද්‍යාවට නැඹුරු වෙනවා – ජනපති

    විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථේරවාද බුදුදහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පෙරවරුවේ මාතලේ…

    Read More

    Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඊයේ දිවයිනට

    ඉන්දියාවේ සීරම් ඉන්සිටියුට් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තවත්  මාත්‍රා ලක්ෂ 5ක් ඊයේ (25) දින ශ්‍රී ලංකාවෙ ලබාගැනුණි. එම බෙහෙත් තොගය රැගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ඊයේ (25) පසුවරුවේ ලඟා වු අතර එම එන්නත් මාත්‍ තොග වසංගත රෝග ඒකකයේ මධ්‍යම බෙහෙත් ගබඩාව වෙත භාර දීම ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…

    Read More

    ගාලු කොටුවෙන් හමු වූ පුරා වස්තු..

    ගාලු පුරවරයේ ප්‍රධාන සංධිස්ථානයක් වන ගාල්ල ඕලන්ද කොටුවේ ප්‍රධාන පිවිසුම ආශ්‍රිතව සිදු කරන ලද කැනීමකින් යුරෝපයේ පුනරුද යුගයට අයත් පිගන් භාණ්ඩවල නටබුන් රැසක් හමුවී ඇත. මෙම දුර්ලභ පිගන් භාණ්ඩ අවශේෂ එකල පැවති විදේශ සබඳතා පිළිබඳ වැදගත් දත්ත රැසක් ලබා ගත හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේය. මෙම…

    Read More

    කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සතුන්ට දැඩි ජීවිත අවදානමක්

    නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම් හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ක්ෂීරපායී සත්වයින්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ. මේ දිනවල පවතින වාරකන් කාලය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් බොටම් ට්‍රොලින් ක්‍රමය වැනි නීතිවිරෝධී උපක්‍රම භාවිත කරමින් මසුන් ඇල්ලීම සිදුකරන බව වාර්තා වේ. මේ හේතුවෙන් කැස්බෑවුන්, ඩොල්ෆින් වැනි සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව…

    Read More

    හරියට පාලනය වුනේ නැහැ දැන් වසංගතයේ 4 වැනි අවධියට

    කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්.  කැදවුම්කරු, ගුණදාස අමරසේකර, ජනපතිවරයාට ලිපියක් ලියා ඇත. එහිදී මෙවර රැල්ල පාලනය කිරීමට අසමත්වූ බවට චෝදනා කර ඇති අතර වසංගතයේ 4 වැනි අවධියට ලඟා වෙමින් තිබේද  යන ගැටලුව මතුකර ඇත. එම ලිපිය පහත පරිදිය… කොවිඞ් වසංගත තත්වයේ දෙවැනි රැල්ල ආරම්භ වීම…

    Read More

    ජනපති ඉන්දුනීසියාව බලා පිටත් ‍වෙයි

    ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියේය. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් මත  ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව…

    Read More

    ප්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි

    කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය…

    Read More