Headlines

    පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට

    10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවේ අදාළ දිනවල පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමෙන්ද ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇති බවය. මේ අතර ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණ කඩිනමින් මැතිවරණ…

    Read More

    පාකිස්ථාන අගමැති ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක.

    පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව 2021 පෙබරවාරි 23-24 දිනවල දී ඒ මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය සිදු කිරීමට බලාපොරොත්තු වේ. එහි දී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…

    Read More

    උත්සව සමයේදී හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමට පියවර

    හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35-36ත් අතර අතර පවතින බවය. කෙසේ නමුත් රටේ ඉල්ලුම හා සැපයුම අනුව බිත්තරක මිල තීරණය වන බැවින් ඉදිරි…

    Read More

    වර්ෂාවේ වෙනස්වීමක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…

    Read More

    ඉරාන රැප් ගායකයා ට මරණ දඬුවම

    ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහාය දුන් බවට චෝදනා එල්ල වූ එරට ප්‍රකට රැප් ගායකයෙක් වන ටූමාජ් සලෙහි ට ඉරාන අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ සම්බන්ධයෙන් වාර්තා කළ එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ සලෙහි ට ඔහුට එරෙහිව ලබාදී ඇති දඬුවම ලිහිල්කර ගැනීමට අවස්ථාවක් ඇති බවයි. 2022-23 කාලයේදී ඉරානයේ පැවති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සලෙහි…

    Read More

    කාලගුණයේ වෙනසක්

    දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුවසහ වයඹපළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු…

    Read More

    රුසියානු තානාපති ගැටලුව විසඳීමට කඩිනම් පියවර

    දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබේ. නව තානාපතිවරයෙකු පත්කරන තෙක් මෙලෙස ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරියගේ කාලය අවසන් වීමත් සමග මේ දක්වාත් නව තානාපතිවරයෙකු පත් කිරීමට රජය පියවර ගෙන නොමැති…

    Read More

    රන්ජන්ගේ සමුළුවට පැමිණි පිරිසට මුදල් නොගෙවූ බවට චෝදනා

    රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට ඊයේ (27) නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි. ඒ, සම්මේලනයට සහභාගී වූ තරුණ තරුණියන් දෙසියකට අධික පිරිසක් එම පක්ෂය තමන්ට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවූ බවට චෝදනා කරමිනි. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ‘අද දෙරණ’ විමසීමක් සිදු කරනු ලැබීය….

    Read More

    අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනයක් ?

    ලොව පුරා මහ බැංකු තමන්ගේ විදේශ මුදල් සංචිත සඳහා අමෙරිකානු ඩොලර් පමණක් නොව දැන් වෙනත් විකල්ප විනිමය භාවිත කිරීමටත් පෙළඹී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍ය හීනවීමක් ලෙස හැඳින්විය හැකිය. ජාත්‍යන්තර වශයෙන් වඩාත් පිළිගැනීමට ලක්වූ මුදල් වර්ග හතර ලෙස සැලකනු ලබන්නේ, අමෙරිකානු ඩොලර්, යුරෝ, ජපාන යෙන් සහ…

    Read More

    වෙරළ තීරයක කාන්තා මළසිරුරක්

    වෙරළ තීරයක තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.  ඒ, මොරටුව පොලිස් වසමේ උස්වත්ත රවුම් පාර ප්‍රදේශයේ වෙරළ තීරයේ කාන්තා මළසිරුරක් ඇති බවට මොරටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුවය. මරණකාරිය වයස අවුරුදු 58ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර…

    Read More