Headlines

    ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කරයි

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් සැළකිල්ලට ගනිමින් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇති බවය. ගංවතුර තත්වයත් සමඟ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමේ…

    Read More

    ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය මගින් ඒ බව සඳහන් කරයි. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන…

    Read More

    රට සංවර්ධනය කිරීමේ සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

    වසර 15කින් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් පිරිපුන් දේශයක් සංවිධානය සකස් කළ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට ඊයේ (19) දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් අත්සන් තැබීය. ඒ කොළඹ පැවති උත්සවයකදීය. එය නම් කර තිබුණේ “ශ්‍රී ලංකාව සංවර්ධනයේ සුසමාදර්ශී හැරවුම 2025” නමිනි. මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, සිවිල් සහ බහුජන සංවිධාන නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිකයින්…

    Read More

    ජංගම දුරකථන මිල අඩුවෙයි

    ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙන් මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සමිත් සෙනරත් මහතා මාධ්‍ය හමුවකට ඒ බව සඳහන් කළේය. මිල අධිකව ම පැවතුන Apple iPhone 15 Pro Max දුරකථනයක් මේ වනවිට 375,000ක් පමණ දක්වා…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 253 යි මරණ 02 යි..

    අද දින (18) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 253 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 49 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 204 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (17) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    කිසිවෙකුටත් තම රටට හිරිහැර කිරීමට ඉඩ දෙන්නේ නැහැ – චීන ජනපති..

    බාහිර කිසිවෙකුටත් තම රටට හිරිහැර කිරීමට ඉඩ නොතබන බවත් එවැනි උත්සාහ දරන්නන්ට චීන ජනතාවගේ යකඩ මහා ප්‍රාකාරය හමුවේ හිස කුඩු කර ගැනීමට සහ ලේ වගුරුවන්නට සිදුවනු ඇති බවටත් චීන ජනාධිපතිවරයා ඊයේ (01) අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළ ඇත්තේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සර උත්සවයට එක්වෙමින්ය. විදෙස් මාධ්‍ය…

    Read More

    උසස් පෙළ ශිෂ්‍යත්ව ප්‍රධානයට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කරයි.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ තාක්ෂණ සිසුන්ට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ප්‍රධානයට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ. 2024 -2025 වර්ෂ සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය ජුනි මස 07 වන දින දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම මැයි මස 22වන දින අවසන් වීමට…

    Read More

    ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා – ආචාර්ය මන්මෝහන් සිං

    ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං, වත්මන් පාකිස්තානයට අයත් එවක නොබෙදුණු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හුදෙකලා ගම්මානයක 1932 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා උපත ලැබීය. අධ්‍යාපනයෙන් විශිෂ්ට දස්කම් දැක් වූ මන්මෝහන් සිං, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය අවසන් කළේය. ඉන් අනතුරුව හෙතෙම බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි අවස්ථාව දිනාගැනීමට සමත් විය….

    Read More

    හැමෝම හොයන මන්ත්‍රී වැටුප – ඇත්තම කතාව මෙන්න

    මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවය. මීට අමතරව පැමිණීමේ දීමනාවක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයන් වෙනුවෙන් රු 2,500ක මුදලක් සහ රැස්වීම් නොපවැත්වෙන දිනයන්වල දී කාරක සභාවලට සහභාගී වීම වෙනුවෙන් රු 2,500ක දීමනාවක් ද ඔවුන්ට…

    Read More

    පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනයක් අරඹයි

    ‍සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. පරිපූරක  වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර…

    Read More