Headlines

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ආසාදිතයින් අතර විදේශිකයෙකුත්..

    අද දින (01) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 264 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි විදේශිකයෙකි. ඉතිරි ආසාදිතයින් 244 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (31) හදුනාගත් ආසාදිතයින් අතරින්…

    Read More

    යළි කරළියට ආ රන්වල

    රජයට, සමාජයට සහ ප්‍රතිලාභින්ට මෙහෙවරක් සිදුකළ හැක්කේ ශක්තිමත් ව්‍යාපාරිකයන් විසින් නිසි පරිදි බදු ගෙවන්නේ නම් පමණක් බව හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි. නමුත් පසුගිය කාලසීමාව තුළ බදු මුදල් එකතුකර ගැනීමට නොහැකිව රජය ඉතා බරපතළ ඛේදවාචකයකට මුහුණදුන් බවත් එවැනි අවස්ථාවලදී යම් ව්‍යාපරිකයෙක් තමන්ගේ මුදලින් සුබසාධන කටයුතු කරන්නේ නම් එවැනි ව්‍යාපාරිකයන්ව පැසසුමට ලක්කළ යුතු…

    Read More

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම්

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ පවතින ගැටලු විසඳීම සඳහා නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය අණපනත් මේ වන විටත් සකස් කර අවසන් බවය. දේශයේ අනාගතය ගොඩනැංවීම යන තේමාව යටතේ පැවති සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ හමුවේදී ඉදිරිපත් වු පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…

    Read More

    පුද්ගල මළ සිරුරක් කැලණි ගඟේ…

    අත් පා ගැට ගසා දමන ලද පුද්ගල මළ සිරුරක් නවගමුව, රණාල ප්‍රදේශයේදී කැලණි ග‍ඟේ පා වෙමින් තිබියදී ඊයේ (26) සවස හමු විය. වයස අවුරුදු 54 ක් පමණ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් එලෙස සොයාගන ඇති අතර හමුවූ මළ සිරුර හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කට්ටඩියෙකුගේ බවට අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ මළ සිරුරේ දෑත්…

    Read More

    කොළඹ වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඩොලර් එපා කියයි

    කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමරිකාව සමග ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබේ. ඒ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර ඇති පසුබිමකයි.   කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යොදවා සිදුකිරීමට නියමිතය. කොළඹ වරායේ…

    Read More

    ෆේස්බුක් සමාගමේ සියලු සේවා ජාල ලොව පුරා බිඳ වැටේ..

    ෆේස්බුක් සමාගමේ Facebook, Messenger, WhatsApp සහ Instagram ඇතුළු සියලුම සේවා ජාල ඊයේ(19) රාත්‍රී 10.30 සිට පැයක කාලයක් ලොව පුරා බිඳ වැටී තිබුණි. එහි පරිශීලකයින් ප්‍රකාශ කළේ Facebook, Messenger, WhatsApp සහ Instagram සේවාවල ඇප් එකකට හෝ වෙබ් අඩවියක් වෙත ඇතුළුවීම එම කාලය තුළ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි. මේ වනවිට අදාළ සියලු සේවා යථා තත්ත්වයට පත් කිරීමට…

    Read More

    ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

    ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. දෙරට අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු 2,4 සහ 7 වන දා යන දිනවලදී කොළඹ…

    Read More

    ශ්‍රම බළකාය පහළ ගොස් ඇති බවට අනාවරණයක්

    පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබේ. ඒ අනුව 2022 වසරේ දී මිලියන 8.54ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය පසුගිය වසරේ දී වසරේ දී මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය…

    Read More

    නව ජාතික බුද්ධි ප්‍රධානී ධුරයේ වැඩ අරඹයි

    අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. ඊයේ (01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී නව පත්වීමෙහි…

    Read More

    සජිත් ජපන් තානාපතිගෙන් කළ ඉල්ලීම

    අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා…

    Read More