Headlines

    සර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත එළිදක්වයි

    සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ යටතේ පළමු කෙටුම්පත ජනතාව හමුවේ එළිදැක්වීම අද (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී සිදුකෙරුණි. අවසන් සැලැස්ම එළිදැක්වීම සිදු කරන්නේ මේ සඳහා ජනතා අදහස් එක්කර ගැනීමෙන් පසුවය. ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” යන්න මෙම වැඩපිළිවෙළේ තේමාවය. සර්වජන බලය, උපාය මාර්ගික වැඩපිළිවෙළේ ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කෙරෙන පළමු කෙටුම්පත එළිදැක්වීම මෙය වෙයි. මෙම…

    Read More

    රත්‍රං බවට සැක පුරාවස්තු තොගයක් නිවසක

    කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ‍ලැබුණු තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පුත්තලම පොලිස්  කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව පසුගිය 11 වනදා සිදුකළ සොදිසි මෙහෙයුමක දී රත්‍රං බවට සැකකෙරෙන මෙම  පුරාවස්තුන් සොයාගෙන තිබුණි. පොලීසිය පැවසුවේ මෙම පුරාවස්තු නිවසේ සූක්ෂමව සඟවා තිබීය දී සොයා…

    Read More

    ආගමන විගමන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද (12) පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පවත්වන බවය. ඒ අනුව ගුවන්තොටුපොළ හා වරායේ සේවය කරන නිලධාරීන් කළු පටි පලඳිමින් අද රාජකාරියේ නිරත වුණි. ආගමන විගමන නිලධාරී හිඟය නිසිකලට…

    Read More

    කුරුණෑගල – පුත්තලම මාර්ගය වසාදැමීම පිළිබඳ දැනුම්දීමක්

    පුත්තලම දුම්රිය මාර්ගයේ සැතපුම් 83 දම්වැල් 55 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කුරුණෑගල – පුත්තලම මාර්ගයේ එම ප්‍රදේශය අද (7) දිනය සම්පූර්ණයෙන් වසාදැමීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. මෙම අළුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ දිනයේද මෙම ප්‍රදේශය වසා දමා තිබුණි. මේ පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් දුම්රිය සේවය වැඩිදුරටත් පවසා සිටියේ, හෙට…

    Read More

    දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි පොකුරු රට පුරා හැදෙයිලු

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය…

    Read More

    රුසියානු-යුක්‍රේන යුද්ධයේදී මියගිය අපේ රණවිරුවන් ගැන අලුත්ම හෙළිදරව්ව

    රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා අනීතිකව ගොස් සිටි ශ්‍රී ලාංකිකන් 16 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 288ක් මේවන විට ලැබී ඇති බවය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා විසින් රුසියානු හමුදා සේවයට ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීමට පළ කළ…

    Read More

    යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව පරීක්ෂාකර අධිකරණයට දන්වන්නැයි නියෝගයක්

    යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව මාසයක් පුරා අඛන්ඩව පරීක්ෂණ කර එහි අහිතකර කාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අද (17) මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.  එවැනි පරීක්ෂණයකදී යාපනය ප්‍රදේශයේ වායුවේ අහිතකර කාරක අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව සොයාබලා…

    Read More

    සජබයට සහාය දුන්නොත් තනතුරක්

    ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මේ බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්නොවන බවය. කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය…

    Read More

    දුම්රිය ප්‍රවේශපත්‍රය ඩිජිටල් වෙයි

    මෙරට ප්‍රථම වරට දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට www.pravesha.lk ලෙස නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ පවසන්නේ කෙටි දුර ගමන් ගන්නා දුම්රිය මගීන්ට සිය ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මේ තුළින් මිලදී ගත හැකි බවය.  මෙහි පළමු අදියරේදී වාර ප්‍රවේශපත්‍ර…

    Read More

    කළු දීලිර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයින් ඉන්දියාවෙන්..

    ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දුර්ලභ කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා ආසාදිතයින් 2,000ක් හඳුනාගෙන ඇතැයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ මොහොත වන විටත් කොරෝනා වසංගතයෙන් බැටකමින් දැඩි පීඩාවට පත්ව සිටින එරට, මධ්‍ය ප්‍රදේශ්වලින් ද කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා රෝගීන් 50 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, mucormycosis, යනුවෙන් හඳුන්වන මෙම…

    Read More